Tuesday, June 27, 2023

අන්තර්ජාලයේ බිහිවීම, විකාශනය හා අද දක්වා ගමන් මඟ....

 අන්තර්ජාලයේ ඉතිහාසය.

Evolution of the Internet.


අද වන විට අන්තර්ජාලය භාවිත නොව ක්ෂේත්‍රයක් නොමැති තරම් ය. අධ්‍යාපනික, සෞඛ්‍ය, ව්‍යාපාරික, ප්‍රවාහන, පරිපාලන, කලමනාකරණ, අලවිකරණ, බැංකු හා සෑම සියලු ක්ෂේත්‍රයක් සදහාම අන්තර්ජාල ඉතා පහසු හා ආකර්ෂණීය යෙදවුමක් ලෙස විවිධ ආකෘතියෙන් යුතුව භාවිත වීම කාලීන ප්‍රවණතාවකි. එසේම එම සේවාවන් භාවිතකරන්නන් ද කාලීනව, වයස් භේදයකින් තොරව ඉහල ගොස් ඇති බව පෙනීය යි. නමුත් මෙම මෙවලම ලොවට හදුන්වාදී ගතව ඇත්තේ දශක තුනකට තරමක් වැඩි කාල පරාසයකි. එසේවුවත් අදවන විට අන්තර්ජාලයේ දියුණුව කොතෙක් ද යත් අන්තර්ජාලය නිසාවෙන් නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ලෙස නවමු මාධ්‍ය ප්‍රභේද ද්විත්වයක් බිහිවී තිබීමයි. එනිසාවෙන් අන්තර්ජාලය බිහිවීමට තුඩුදුන් හේතු සාධක හා පුරෝගාමි චරිත හදුනාගැනීම මෙම අන්තර්ජාලයෙන් සාර්ථක ප්‍රතිලාභ භුක්ති විදින කාලීන සමාජයකට ඉතා වැදගත් වේ.මෙහි විකාශනය අදියර කීපයක් යටතේ හඳුනාගත හැකිය.

  • පරිගණකය හා පරිගණක ජාල බිහි වීම.

                                                           මෙහිලා පළමුව කිව යුත්තේ, අන්තර්ජාලය බිහි වීමට මූලිකම හේතු වූයේ පරිගණකය බිහි වීමයි. ඉතා සංකීර්ණ ගණිත කර්ම යාන්ත්‍රිකව විසදාගැනීම මිනිස් අවශ්‍යතාවක් වූවෙන් පරිගණකය බිහි විය. එනම් මීට අවුරුදු 2000කට පමණ පූර්වයෙන් භාවිත වූ ඇබකසයේ සිට ක්‍රි.ව. 1833 පමණ චාල්ස් බැබේජ් විසින් නිෂ්පාදන කල ඇනලයිටිකල් එන්ජින් යන්ත්‍රය දක්වා මානව උත්සාහයන් මෙහිලා සිහිපත් කල යුතුයි. පසුව 1833 පමණ ඔහු විසින්ම තම යන්ත්‍රය ගණිතමය අවශ්‍යතා සඳහා සංවර්ධනය කලේ පරිගණකයේ මුලිකම සිද්ධාන්තය වන දත්ත ආදානය, සැකසීම, ප්‍රතිදානය යන ක්‍රියාවලිය ඇතිවන පරිදී ය. එබැවින් මොහු පරිගණකයේ පියා ලෙස හදුන්වයි. පසුකාලීනව අවදිපහක් පමණ යටතේ සංවර්ධනය වී අදවන විට ඉතා දියුණු යුගයක් පසු කල ද, බිහි වී තුන්වන අවදිය පමණ වන විට පරිගණකය ගණිත අවශ්‍යතා ඉක්මවා යමින් මානව සන්නිවේදනය මෙවලමක් වීමේ සංකල්පය පහල විය.                                  

ARPA Net.

එහිලා වැදගත්ම සිදුවීම වූයේ, 1960 පමණ වන විට ඇමරිකාණු හමුදාවේ සන්නිවේදන අවශ්‍යතාවක් ලෙස පරිගණකය යොදාගැනීම කෙරෙහි එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අවදානය යොමු වීමයි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඇමරිකානු උසස් පර් යේෂණ ආයතනයේ පරිගණක කීපයක් එකට සම්බන්ධ කොට පරිගණක ජාලයක් බිහි කිරීම ය. ඒ සඳහා එම ARPA ආයතනය, ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනය හා ලොසැන්ජලිස් විශ්වවිද්‍යාලය එකතු වී පර්යේෂණ සිදුකර ඇත. ඒ අනුව ඔවුන් ARPA ආයතනයේ පරිගණක පමණක් එකට එක් කරමින් ජාලයක් බිහි කිරීමට සමත්ව ඇත. පසුව 1962 දී ලැරී රොබට් නම් පුද්ගලයා මෙහි තොරතුරු හුවමාරුව සඳහා Packet Switching Service නම් ක්‍රමය හඳුන්වා දීමත් සමග ARPA Net නමින් මෙම ජාලය හදුන්වා ඇති අතර ලොව පළමු පරිගණක ජාලය නමින් මෙය හදුන්වා ඇත. පසුව 1971 පමණ මෙම ජාලය අතර තොරතුරු හුවමාරුව සඳහා වඩා සාර්ථක ක්‍රමයක් ලෙස රේමන්ඩ් තොම්ස්ලින් නම් පුද්ගලයා email ක්‍රමය හදුන්වා දී ඇත. නමුත් මෙය අන්තර්ජාලය නොවේ. අන්තර්ජාලය සදහා පාදක වූ "පරිගණක ජාල පද්ධති ක්‍රමය" නම් සංකල්පයේ උපත යි.

  • අන්තර්ජාලය බිහිවීම හා web 1.0 යුගය.

Tim Berners Lee
අන්තර්ජාලය බිහිවන්නේ 90 දශකයේ මුල් අවදියේ ය. 1989 දී ඉංග්‍රීසි ජාතික පරිගණක විද්‍යාඥ්ඥයෙකු වූ ටිම් බර්නස්ලී, (Tim Berners Lee) න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වූ යුරෝපා සංගමයේ (CERN) සේවය කරන කාලයේ "ලෝක ව්‍යාප්ති විසිරිම" (World Wide Web) නමින් සංකල්පයක් ඉදිරිපත් කලේ, ලොව බිහිව ඇති පරිගණක ජාල මෙතෙක් පැතියේ හුදකලාව ය. ඒවා අතර එකිනෙකට අභෞතික අන්දමින් අන්තර් සබඳතාවක් ගොඩනඟා පරිගණක ජාලයක් බිහිකරන ලෙසයි. තවත් සරලව පැවසුවහොත් මෙහි අදහස වූයේ පරිගණක ගෝලීයව ඒකාබද්ධ කිරීම හරහා තොරතුරු පද්ධතියක් නිර්මාණය කල හැකි බවයි. 1990 අග වන විට ඔහුට මෙම යෝජනාව යථාර්ථයක් කර ගැනීමට හැකි විය. ඒ අනුව අන්තර්ජාලය බිහි විය.

ඒ අනුව ලොව පලමු වෙබ් අඩවිය ලෙසින් info.cern.ch නමින් න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වූ යුරෝපා සංවිධානයයේ නමින් ය. මෙම කාලවකවානුව නව මාධ්‍යය විකාශනයේ මුල් අවදිය වන (1990-2000) web 1.0 නමින් හදුන්වයි. නමුත් මෙම වෙබ් අඩවි ක්‍රමය අද අපි දකින අලංකාර දෘශ්‍ය ප්‍රයෝග සහිත දියුණු ඒවා නොවින.

මුල්කාලීන වෙබ් අඩවි HTML අතුරු මුහුණත් ලෙස පැවති අයුරු.

ප්‍රවේශ වීම ද එතරම් සුහුරු නොවීය. පසුකාලීනව අන්තර්ජාලය මත පාදක වූ වෙබ් අඩවි සඳහා ප්‍රවේශ වීම පහසු කරමින් මාර්ක් ඇන්ඩ්‍රි විසින් Mosaic නම් ලොව පලමු වෙබ් බ්‍රවුසරය Unix මෙහෙයුම් පද්ධතිය ඉලක්කව හදුන්වා දුන් අතර ඉතා ඉක්මනින් එවක පැවති මෙහෙයුම් පද්ධති වන Windows-X, Apple macintosh වැනි ඒවා මත ද හඳුන්වා දී ඇත. 1995 පමණ වන විට මේ අන්තර්ජාල සේවාවක් වන වෙබ් අඩවි ක්‍රමය ඉතා ජනප්‍රිය වූයේව්‍යාපාරික ආයතන මේ වෙත යොමු වූ නිසා ය. මෙහි උපරිමය වූයේ, 1995 පමණ David Filo හා Jerry Yang විසින් ලොව පලමු සෙවුම් යන්ත්‍රය වන yahoo.com හදුන්වාදීම, ඒහා සමකාලීනවම amazon.com වැනි වාණිජ වෙබ් අඩවි හඳුන්වා දීම, 1998 පමණ නූතනයේ පවා ජනප්‍රිය google.com සෙවුම් යන්ත්‍රය හදුන්වාදීම ආදිය යි. නමුත්  මේ වෙබ් 1.0 තුළ හදුනාගත හැකි ලක්ෂණ ලෙස,

  • ඒකපාර්ශ්වික බව හෙවත් වෙබ් අඩවිය මගින් එය දකින අයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම.
  • අන්තර්ගතය වෙබ් අඩවි නිර්මාණය හෝ සංවර්ධනය කරන අයට පමණක් සීමා වීම.
  • වැඩි වශයෙන් ග්‍රැෆික් ප්‍රයෝග වලට වඩා html අනුවාද ලෙස වෙබ් පිටු පැවතීම.

වැනි දුර්වලතා පැවතිණ. 

  • web 2.0 යුගය.

                                    90 දශකයේ අග වන විට මේ තත්වය වෙනස් විය. එනම් 2000 පසු කාලසීමාව web 2.0 ලෙස හදුනාගත හැකිය. මෙහි මූලික ලක්ෂණ ලෙස හඳුනාගත හැක්කේ, පැවති රේඛීය බව බිඳ වැටී, ද්වි මාර්ගික බවක් ඇති වීමය. එනම් පරිශීලකයාට ද අන්තර්ගතය වෙනස් කිරීමට, සෑදීමට අවකාශ ඇති වූයේ වෙබ් අඩවි නිර්මාණය සඳහා අවශ්‍ය යන්ත්‍ර භාෂා දැනුමෙන් තොරවය. මෙම සංකල්පය User Generated Content (UGC) නම් විය. දියහැකි හොදම නිදසුන් වන්නේ blog අඩවි හා wikipedia වැනි ඕනෑම අයෙකුට අන්තර්ගතය වෙනස් කල හා නිර්මාණය කල හැකි අන්තර්ජාල වේදිකා ය. පසුව 2004 පමණ google ආයතනය විසින් ebay වැනි මාර්ගගත සාප්පු වෙබ් අඩවි හදුනාදීම ද මෙහිලා කැපී පෙනෙයි. මේ සඳහා ගෙවීම් සිදු කිරීමට card payment, paypal වැනි ක්‍රම හදුන්වා දීමත් නිසා, තවත් ලක්ෂණයක් ලෙස හදුනාගත හැක්කේ පරිශීලක හිතවත් බව වැඩි දියුණු වීමයි. එසේම පසුකාලීනව වෙබ් අඩවල අලංකාර දෘශ්‍ය ප්‍රයෝග වැඩි වීම යනාදිය ද මේ සඳහා හේතු විය.

ස්මාර්ට් ජංගම දුරකතනය හා සමාජ මාධ්‍යයේ ආගමනය.

අන්‍තර්ජාලය හා වැදගත්ම සිදුවීම සිදු වන්නේ 2004 පමණ වනවිටයි. එනම් සාමාජ මාධ්‍ය බිහිවීමයි. ඒ අනුව 2003 දී මුල්වරට Linkedin නම් සමාජ ජාලය හදුන්වා දී ඇති අතර, 2004 දී මාර්ක් සකර්බර්ග්  විසින් Facebook

Mark Zuckerburg.

හදුන්වා දී ඇත. 2006 පමණ Twitter ද හදුන්වා දී ඇත. මේ සමඟ අන්තර්ජාලය හරහා ද්විපාර්ශවික සබඳතා තවත් වැඩි වර්ධනය වීමට අවකාශ සැලසී ඇත. පසුකාලීනව Java, Blackberry වැනි උසස් මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකතන ජනප්‍රිය වීමත් සමඟ මෙම සමාජ මාධ්‍ය භාවිතය පහසු වීමට හා ජනප්‍රිය වීමට හේතු විය. ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය උපරිම ස්ථනයට පැමිණියේ ඇන්ඩ්‍රොයිඩ් හා IOS වැනි මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකතන පැමිණීමයි. ඒත් සමඟ මෙතෙක් පරිගණකය කේන්ද්‍රීයව පැවති අන්තර්ජාලය සාමාන්‍ය භාවිතයක් විය. ඒත් සමඟ 2005 පමණ භාවිතයට හදුන්වාදුන් යූටියුබ් ආදිය සමාජයේ අතිශයින් ජනප්‍රිය වූයේ ද මෙම ස්මාට් ජංගම දුරකතන සමාජගත වීම නිසාවෙනි. 2010 පමණ පසු හඳුන්වාදුන් Imo, Viber, Whatsapp වැනි සේවාවන් නිසාවෙන් සමාජ මාධ්‍ය නූතනය වන විට විශාල බලපෑම්කාරී මාතෘකාවක් වී ඇත. 

නමුත් මෙම web 2.0 අවදිය තුළ දැකගත හැකි ප්‍රධානතම අඩුපාඩුව වන්නේ, පරිශීලක දත්ත වෙබ් අඩවි හරහා ලබා ගැනීම සඳහා නැමති ක්‍රමවේදය ක්‍රියාත්මක වීමයි. මෙය සිදුකරන්නේ විශේෂයෙන් පරිශීලකයාට ඉතා නිරවද්‍ය ප්‍රතිඵල ලබාදීමට හා වෙනයම් දේ සඳහා දත්ත රැස්කිරීමට ය. මෙය  ගැටලුවක් වන්නේ දත්ත තෙවනි පාර්ෂවයක් අතට පත් වීමේ අවදානමක් පැවතීමයි. දත්ත සොරා ගැනීම්, අයතා භාවිත, සයිබර් අපරාධ වැනි දේ සඳහා ද මේ ඔස්සේ යම් යම් අවදානම් පැවතිය හැක.

  • web 3.0 යුගය.

                                                   මෙම යුගය අන්තර්ජාලයේ වර්තමානයේ සිට අනගතය දක්වා වූ පුරෝකතනයකි. නූතනයේ අප මෙම යුගයේ පුරෝකතනයන් අත්විඳින ස්භාවයක් ද වටහාගත හැකිය. එනම් අන්තර්ගතය පරිශීලකයා හෝ නිර්මාණකරු නිෂ්පාදනය කරනු වෙනුවට පරිගණක පද්ධති විසින්ම හසුරවන ස්භාවයකි. මෙය යන්ත්‍ර ඉගනීම (Machine Learning) හෙවත් Computer Generated Content ලෙස සංකල්පයක් ලෙස ගොඩනැගී ඇත. මෙහි දී කෘතීම බුද්ධිය සංකල්පය (Artificial Intelligence) යටතේ මෙහෙයවන්නෙකුගෙන් තොරව යන්ත්‍ර විසින්ම ස්වයංක්‍රීයව අන්තර්ගතය මෙහෙය වීම සිදුවේ. නූතනයේ අප භාවිත කරන Google Assistant හරහා බලගැන්වෙන Google Smart Home ක්‍රමවේදය AI තාක්ෂණය හා යම් යම් සබඳතා දක්වයි. මේ හරහා පුද්ගලයින්ගේ කටහඬ මඟින් පුද්ගලයින් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීම් ආදිය සිදුවේ. තව ද ඇපල් සමාගමේ Apple Siri  ද මේ හා සමානතාවක් දක්වන්නකි. වඩාත්ම නූතනයේ අප භාවිත කරන Chat GPT ක්‍රමය මුලුමුනින්ම නැතත් මේකී AI මත පදනම් වූවකි. 



                                         මෙය හුදු මහත් අන්තර්ජාලයටම පමණක් සීමා නොවී එදිනෙදා භාවිතයට පැමිණ ඇත්තේ, Adobe Photoshop, Adobe Premier වැනි මෘදුකාංග වෙත මෙතෙක් අප අතින් සිදුකල කාර්යන් සුලු විධානයක් පමණක් ලබා දී ඉතා පහසුවෙන් කරගත හැකි වීමක් ලෙසින් ය. මෙම තාක්ෂණය නිසා අන්තර්ජාලය ඔස්සේ Virtual Doctor වැනි සංකල්ප ලෝකයේ මේවන විට බලගැන්වේ. මෙම මඟින් Cookies ලබා ගැනීමක් වෙනුවට යන්ත්‍ර විසින්ම කාර්යන් ගොඩනැගීම අපේක්ෂාවේ. තව ද AI හා 3D තාක්ෂණය එකට මුසු කරමින් AR/VR වැනි තාක්ෂණයන් හරහා භෞතිකව ලඟා වීමට අපහසු ස්ථාන වෙත Virtual Tours වැනි දේ පවා මේ වන විට ක්‍රියාත්මක වේ.

මේ ආකාරයට අන්තර්ජාලයේ බිහි වීම, ඊට තුඩු දුන් හේතු හා අද දක්වා වූ විකාශනය යනාදී කරුණු හඳුනාගත හැකිය. 

.