Showing posts with label තාක්ෂණික දැනුම.. Show all posts
Showing posts with label තාක්ෂණික දැනුම.. Show all posts

Thursday, August 18, 2022

කැමරාවේ සංවේදකය ගැන.......

 කැමරාවේ සංවේදකය (Camera sensor)




"සාමාන්‍යයෙන් අප වාහනයක් ගත් විට එහි මුලිකම පිරිවිතරයක් වශයෙන් කතා කරනු ලබන්නේ වාහනයේ එන්ජිමයි. එසේම වාහනයේ ගුණාත්මක බව තීරණය කරනු ලබන මූලිකම කරුණක් වනුයේ එන්ජීමේ ධාරිතාවයයි. කැමරාවක් ගත් විට ද එහි මුලිකම පිරිවිතරය නැතහොත් හදවත වශයෙන් සලකනු ලබන්නේ සංවේදක යයි. කැමරාවේ ගුණාත්මක බව තීරණය කිරීම සඳහා එහි සංවේදකයේ ඇති මෙගාපික්සල් ප්‍රමාණය සලකා බලනු ලැබේ." 


                                                       කාචය හරහා කැමරාව තුළට ලැබෙන ආලෝකමය ප්‍රතිබිම්බය ග්‍රහණය කර ගැනීම සඳහා උපකාරී වන්නේ කැමරාවේ ඇති සංවේදකය යි.  මුල්කාලීන කැමරාවල ආලෝක සංවේදී මතුපිට ලෙස භාවිත වූයේ පටල පටිය (Film Roll) යි. එහි දී රසායනික ක්‍රියාවලියක් ඔස්සේ ප්‍රතිබිම්බයක් සංවේදකය මත සටහන් වෙයි. එනම් පටල පටිය ආලෝකයට නිරාවරණය වීමත් සමඟ ඒ මත ඇති ආලෝක සංවේදී ද්‍රව්‍ය මත සිදුවන රසායනිකමය වෙනස්කමක් හේතුවෙන් ඡායාරූපයක් සටහන් වේ. නමුත් නූතනය වන විට කැමරාව කෙරෙහි ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමත් සමඟ පටල පටය වෙනුවට ආලෝක සංවේදී මතුපිටක් ලෙස ඩිජිටල් ආකාරයේ සංවේදකයක් භාවිතා කරනු ලබයි

පටල පට (Film Roll)
       

ඩිජිටල් කැමරා සංවේදකය.
                මෙහි කාර්යභාරය වන්නේ කැමරාව තුළට ලැබෙන ආලෝක ප්‍රතිබිම්බය ග්‍රහණය කර ගැනීමයි. එනම් කාචය හරහා ලැබෙන ආලෝකය, සංවේදකය මතට පතිත වූ විට එය ප්‍රතිසම (ANALOG SIGNAL) ආකාරයේ ඉලෙක්ට්‍රෝන සංඥ්ඥා වශයෙන් නිකුත් කිරීම සංවේදකයේ මූලිකම කාර්ය වේ. එසේ ග්‍රහණය කරගනු ලබන පිලිබිඹුව ස්ථාවර වන්නේ ඩිජිටල් ආකාරයේ ගොනුවක් වශයෙන් කැමරාවට යොදා ඇති මතක පත තුළ ය. කැමරාවේ සංවේදකය ගත් විට එය ආලෝකයට සංවේදී වනවා විනා වර්ණ සඳහා සංවේදී වීමක් සිදු නොවේ. එසේ එකී සංවේදකය වර්ණ සඳහා සංවේදී කරනු ලබන්නේ සංවේදකයට ඉදිරියෙන් ඇති වර්ණ පෙරහණ නැමැති කොටස තුළින් ය. මෙකී වර්ණ පෙරහන තුළ අඩංගු මිලියන ගනනක් පමණ වූ photo diode වලට ආලෝකය පතිත වීමත් සමග එය ආලෝකයේ ඇති වර්ණ තීවෘරතාවට අනුව ආරෝපණය වී, එකී වර්ණ ප්‍රමාණයට අනුව ආලෝක සංඥා කැමරා සංවේදකය මතට යොමු කරනු ලබයි. එවිට කැමරාවේ සංවේදකය එය ග්‍රහණය කර ගනු ලබයි. එසේ ග්‍රහණය කරගත් ආලෝක සංඥාව ප්‍රෝටෝන සංඥාවක් වශයෙන් පිළිබිඹු සකසනය” ( image processor) නම් කොටස වෙත ලබාදීම හරහා ඡායාරූපයක් ස්ථාවර වීමේ ක්‍රියාවලිය සිදුවේ. එහිදී පැහැදිලි වන්නේ කැමරාවේ සංවේදකය මත ඡායාරූපයක් ස්ථාවර නොවන බවත්, ඡායාරූපය ග්‍රහණය කර ගැනීම සඳහා සංවේදකය ඉවහල් වන බවත් ය.  


ඩිජිටල් සංවේදකය වර්ණ වලට සංවේදී කරනු ලබන වර්ණ පෙරහණ් ස්ථරය.

                                            නූතනයේ භාවිතවන ඩිජිටල් ආකාරයේ කැමරා සංවේදක ගත්විට එහි කුඩාම තැනුම් ඒකකය වන්නේ පික්සල්ය. පික්සල් මිලියන ගනනාවක් කැමරා සංවේදකය සතුව ඇත. මෙගා පික්සල් 12 කැමරා සංවේදකයක් ගත්විට එහි අතිශය කුඩා පියවි ඇසට නොපෙනෙන පික්සල් මිලියන දෙලහක් පමණ ඇත.එසේම ඩිජිටල් සංවේදකයේ ආගමනයත් සමග විශාල වාසි ප්‍රමාණයක් ඡායාරූපකරණ ක්ෂේත්‍රයට ඇති විය. සංවේදකයේ ආලෝක සංවේදීතවය හෙවත් ISO අගය සිරූමාරු කිරීමට හැකි වීම, ලබාගත් ඡායාරූප මැකීමට හා පරිඝණකය සමඟ භාවිත කිරීමට අවකාශ පුලුල් වීම, ගුණාත්මක බවින් අතිශය ඉහළ ඡායාරූප ලබා ගැනීමට හැකි වීම, කැමරාවක් මිලට ගැනීමේ දී වැයවන මූලික පිරිවැය වැඩි වුවත් පටල පට සදහා පසුව වැයවන මුදල් හා කාලය, ශ්‍රමය වැනි සම්පත් ඉතිරි වීම මෙහිලා වූ නව යහපත් ප්‍රවණතා වේ.

                                 තවද වෙළෙඳ පොළෙහි ඇති කැමරාවල සංවේදක විවිධ වර්ග කිරීම් යටතේ හඳුනාගත හැක. මෙය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ වර්ග කරනු හඳුනාගත හැක.

       1.      යොදවාගෙන ඇති තාක්ෂණය අනුව වර්ග කිරීම.


  • CCD (charge couple device)

Wednesday, May 4, 2022

ෆයිල් ෆෝර්මැට් කියන්නේ මොනවා ද ?

 

 ගොනු ආකෘති ගැන හැඳින්වීමක්....

                                                                   

                                    

                                              සාමාන්‍යයෙන් අප ඩිජිටල් තාක්ෂණය හා ගනුදෙනු කරන අවස්ථාවල file format බොහෝ වශයෙන් හමුවේ. විශේෂයෙන් අප සියලු දෙනා ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ බහු මාධ්‍ය විධික්‍රම පරිහරණය කිරීමේ දී දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරනුයේ file format සමග ගනුදෙනු කිරීමකි. file format කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ යම්කිසි ගොනුවක ආකෘතියට . සරල නිදසුනක් ලෙස වාහනයක් ගත් විට පොදුවේ සියල්ලෙන්ම සිදුවන්නේ ප්‍රවාහනය යි. නමුත් විවිධ අවශ්‍යතා සඳහා විවිධ මාදිලියේ වාහන අපට යොදා ගැනීමට සිදුවේ. ගොනු ආකෘති නැතිනම් File Format ද විවිධ මාදිලි වේ. එසේ වන්නේ ද අපට විවිධ ආකාරයේ ඩිජිටල් ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නිසා ය. එනම් පින්තූර ආශ්‍රිතව ගණුදෙනුවක් සිදු කිරීමේ දී විවිධ ආකෘති වර්ග හමුවේ. jpeg, png, raw, tiff ආදිය නිදසුන් වේ. එසේම වීඩියෝවක් නැරඹීමේ දී mp4, 3gp, mov ආදී විවිධාකාර වේඅප සාමාන්‍යයෙන් "pdf එකක් බලනවා" කියලා කියන්නේ වාර්තාමය ඩිජිටල් ගොනු වර්ගයක් හා වැඩ කිරීමකි. එහි ගොනු වර්ගය වන්නේ pdf ය. එබඳුම docx, txt ආදී විවිධ ස්වරූප වාර්තාමය ඩිජිටල් ගොනු ආකෘති ඇත. මෙකී ගොනු එකකින් එකකට වෙනස් විවිධාකාරයේ වැඩ සඳහා යොදා ගැනේ. එබැවින් අපගේ අවශ්‍යතාව මත File Extension තෝරාගත යුතුයඑසේම ඕනෑම ආකාරයක ෆයිල් ෆෝමැට් එකක් අපට සරළව හඳුනාගත හැක්කේ, ගොනුවේ නාමයට අවසානයෙන් .jepg/ .pdf/ .mp4/ .pptx ලෙස සඳහන්ව තිබීම නිසාය. එසේම අපගේ පරිගණකයේ හෝ ඩිජිටල් උපාංගයේ මෙහෙයුම් පද්ධතිය ගොනුව කුමක් ද? යන්න හා එය විවෘත කරන්න කරන්නේ කුමන යෙදවුම් හරහා ද? යන්න හඳුනාගෙන තීරණය කරනු ලබන්නේ ද මෙකී ගොනු ආකෘතිය තුළින් ය. File Format යන්න තවදුරටත් විග්‍රහ කර ගැනීම සඳහා විවිධ බහුමාධ්‍ය ප්‍රවර්ගය යටතේ බහුලව හා ජනප්‍රිය ලෙස යොදාගනු ලබන ගොනු ආකෘති කිහිපයක් පහත පරිදි විග්‍රහ කරගත හැක.

ඡායාරූප ආශ්‍රිත ගොනු ආකෘති. (Image File Format)

JPEG  ÷ (Joint Photographic Experts Group)

                  Joint Photographic Experts Group  යන්නෙහි කෙටි නම jpeg නම් වේමේ නම යොදා ඇත්තේ මෙම වර්ගය හඳුන්වාදුන් කණ්ඩායමේ නමින් ය. ඇතැම් මෙහෙයුම් පද්ධති වල jpg ලෙස ද දක්නට ඇතසාමාන්‍යයෙන් ඡායාරූප මාධ්‍ය තුළ බහුලව පරිහරණය වන ගොනු ආකෘතියක් ලෙස මෙය හඳුනාගත හැක. සාමාන්‍යයෙන් කැමරාවක් මගින් ඡායාරූප ලබාගැනීමේ දී හෝ පරිගණකයේ හෝ ජංගම දුරකථන යෙදුමක් මගින් පින්තූරයක් නිර්මාණය කිරීමේ දී ද මෙම ගොනුව අපට තෝරා ගත හැකි වේ. මෙම කුමන ආකාරයකින් නිර්මාණය කළ ද මෙම මාදිලියේ දී සිදුවන්නේ මුළු දත්ත සම්පිණ්ඩනය (Compress) වී ඡායාරූපයේ බර ප්‍රමාණය, තවත් සරලව කියනවා නම් අප එදිනෙදා කියන විදිහට MB ගණන අඩු වීමයි. එසේම ඡායාරූපයේ දත්ත නැති වීමක් (Data Losing) ද සිදු වේ. මෙම දත්ත අඩුවීම අපට එතරම් පහසුවෙන් හඳුනා ගැනීම අපහසු ය.  ඡායාරූපය තරමක් යුහුමු (zoom) කර බැලූ විට ඡායාරූපය තරමක් අපැහැදිලි ස්වරූපයකින් දිස් වන්නේ එබැවින් .

jpeg මාදිලිය ද ප්‍රභේද කිහිපයක් යටතේ ඇත. සාමාන්‍යයෙන් කැමරාවක් හරහා රූගත කිරීමේදී jpeg ගොනු මාදිලි යටතේ, high, low, medium ලෙස වේ. මේ යටතේ සිදු වන්නේ, high මාදිලියට සාපේක්ෂව low මාදිලියේ දී ඡායාරූපයට හසු වී ඇති දත්ත ප්‍රමාණය හා බර ප්‍රමාණය අඩුවීමයි. පොදුවේ jpeg මාදිලියේ දත්ත සම්පිණ්ඩනය නිසා සිදුවන ගුණාත්මක බව අඩු වීම ගැටලූවක් වන අතර, බර ප්‍රමාණය අඩුවීම වාසියකි. කෙසේ වෙතත් එදිනෙදා භාවිතයට සේම අවස්ථාවෝචිතව වෘතීය මට්ටමේ භාවිතයන් සදහා ද මෙම ප්‍රවර්ගය හොඳම මාදිලියක් ලෙස හඳුනාගත හැකි අතර, එය පුද්ගලයාගේ අවශ්‍යතාවය මත වෙනස් බව වන තරයේ පැවසිය යුතුය. Whatsapp වැනි බර ප්‍රමාණය සීමා සහිත ගොනු හුවමාරු වල දී මෙම මාදිලිය අතිශය වාසිදායක වේඑසේම අනෙක් ආකාරයේ ගොනු හුවමාරු මාදිලි හරහා පහසුවෙන් හුවමාරු කරගැනීම ද ඇති වාසියකි.