Tuesday, May 3, 2022

ඡායාරූප මාධ්‍යයේ බිහිවීම හා විකාශනය.

 ඡායාරූප මාධ්‍යයේ බිහිවීම හා විකාශනය.



                                                             

                                                                       අතීතයේ පටන් අද දක්වාම චිත්‍ර ශිල්පියා විසින් වර්ණ, සායම්, පැන්සල, පින්සල ආදිය උපයෝගී කරගනිමින් සිදුකල සිතුවම් කාර්ය තාක්ෂණය හා ආලෝකය උපයෝගී කරගනිමින් වඩා යතාර්ථවාදීව හා වේගවත්ව සිදුකිරීම ඡායාරූපකරණය යි. මානවයා සතු කුතුහලය, ගවේෂණ හැකියාව, තෘප්තිමත් නොවීම යන සාධක ඡායාරූපය නම් මාධ්‍යයේ බිහි වීමට හා විකාශනයට තුඩු දුන් සාධක විය. එසේම හුදු මහත් එක් දිනයකින්, වසරකින් හෝ කෙටි කාලීනව ඡායාරූපය එක්වරම බිහි වූවක් නොව. අතීතයේ පටන් වසර ගනනාවක භෞතික විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක ඉතිහාසගත අනාවරණයන්ගේ සේම මෑත කාලීන ඉලෙක්ට්‍රෝනික තාක්ෂණයේ දියුණුවේ විකාශනයකි. ඒ පිළිබඳ අධ්‍යනයක් පහතින් සිදු කරමු.

                                     එසේම අවදාරනයෙන්ම පැවසිය යුතු කරුණක් වනුයේ, ඡායාරූප ශිල්පය යනු අලෝකය සමඟ කරනු ලබන ගනුදෙනුවක් යන්න ය. එබැවින් ඡායාරූපය බිහිවිම කෙරෙහි ආලෝකය පිලිබඳ ඉතිහාසගත අනාවරණයන් අතිශය වැදගත් වේ. ඒ අනුව ක්‍රි:පු 340 පමණ විසූ ඇරිස්ටෝටල් පඬිවරයා අන් බෝහොමයක් ස්ථාන වල මෙන්ම ඡායාරූප ශිල්පයේදීත් මුණ ගැසෙන චරිතයකි. ඔහු සූර්යාලෝකයේ පතිත වීම හා එහි බලපෑම මත සෙවණැලි නිර්මාණය වීම, පියැස්සේ කුඩා සිදුරකින් ලැබෙන ආලෝකය හා එහි විශාලත්වය අනුව ආලෝකයේ තියුණු බවට සිදුවන බලපෑම් යනා දී කරුණු පිලිබඳ අධ්‍යනයන් සිදුකල බව මුලාශ්‍ර වල සඳන් වේ. ඔහුගේ අවදියේම ජීවත් වු ඉයුක් ලීඩ් නම් ගණිතඥයා ආලෝකය සරල රේඛීය ලෙස ගමන් කරන බව අවදාරනය කර ඇත. එසේම ආලෝකයේ හැසිරීම පිලිබඳ තවත් පැහැදිලි කිරීම් සිදුකල පඬිවරයෙක් ලෙස චීන ජාතික මොට්සු නම් අයෙක් පිලිබඳව ද සඳහන් වේ. ඉන්පසු ක්‍රි:ව 10 සියවසේ පමණ වාසය කල අරාබි ජාතික අල් හසන් පඬිවරයා ඇරිස්ටෝටල් විසින් සිදුකල පර්යේෂණක් වන සිදුරක් තුලින් ආලෝකය ගමන් කිරීම හා එහි ප්‍රමාණය වෙනස් වන විට තීවෘරතාවට සිදුවන බලපෑම යනාදිය පිළිබඳ තවත් ඉදිරියට සොයමින්, ඒ ඔස්සේ ඇතිවන ප්‍රතිබිම්භ උඩු යටිකුරු වී පතිත වීම ගැනත්, ‘optics’ නම් තමාගේ ග්‍රන්ථයක මිනිස් ඇස මගින් රූප ලබා ගැනීම යනාදියත් පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වා ඇත.

අරාබි ජාතික අල් හසන් පඩිවරයා.

                                                        අනතුරුව 13 වන සියවසේ පමණ ඉංග්‍රිසි ජාතික භෞතික විද්‍යාඥ්ඥයෙක් වු 'රොජර් බේකන්' නම් පූජකවරයා අඳුරු කාමරයක් තුල ආලෝකය මඟින් සෙවණැලි ඇති වීමත්, එය කැඩපතක් භාවිතයෙන් යළි උඩු යටිකුරු කිරිම ගැනත් අධ්‍යනය කොට ඇත. එබැවින් ඔහු ප්‍රකාශ විද්‍යවේ දී මුල් වරට කාච ආශ්‍රිත පරීක්ෂණ සිදුකල පුරෝගාමියෙකු ලෙස ද සැලකිමේ වරදක් නොමැත.ඒ අනුව මෙම 13 සියවස වන විට කැමරාවක් බිහිවීමට මූලික අඩිතාලම සැපයු 'කැමරා ඔබ්ස්ක්‍යුරාව' නම් උපකරණය පිලිබඳ ස්ථාවරයක් ගොඩනැගී ඇත. නමුත් එක් වරම එය උපකරණයක් ලෙස  බිහි නොවීය. ලතින් බසින් කැමරායනු කාමරය ලෙසත්, “ඔබ්ස්ක්‍යුරාලෙස අඳුර යන අර්ථයත් ගෙන දෙන ලදි. මෙකී 13 සියවසේ ගෘහයක් නැතතොත් විශාල ප්‍රමාණයේ ආලෝකය පාලනය කරන ලද හා සෙවණැලි ආශ්‍රිත ක්‍රියකරකම් සහිත කුටිරයක්, මේ නමින් හදුන්වා ඇත. පසුව මෙය උපකරණයක් ලෙස බිහිවීමේ ගෞරවය ද ප්‍රධාන වශයෙන් පර්යේෂකයන් කිහිපදෙනෙකුට හිමිවේ.

                                                           ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි මෙහිලා වැදගත් චරිතයකි. ඔහු 15 වන සියවසේ පුනුරුද සමයේ චිත්‍ර ශිල්පියෙකු සේම නවෝත්පාදකයෙකු වීම මෙහිලා ඉතා වැදගත් වේ. මොහු අඳුරු කුටිය තුල සෙවණැලි පතිත වීම හා ඒවා චිත්‍රයට නැගීම පිළිබඳ අධ්‍යනයක් සිදු කර ඇත. මෙකී අඳුරු කුටිය පිළිබඳ බොහෝමයක් කරුණු ඩාවින්චි අවබෝධ කරගත් අතර ඒවා රූප සටහන් මඟින් පැහැදිලි කිරීම් ද සිදු කර ඇත.

මුල්කාලීන කැමරා ඔබ්ස්ක්‍යුරාව.

ආලෝකය නිසා ප්‍රතිබිම්භ උඩු යටිකුරු  වී පෙනීම සේම, ආලෝකය පතිතකරවන සිදුර සිහින් වන විට ලැබෙන ප්‍රතිබිම්භ වල තියුණු බව පිළිබඳ අන් දාර්ශනිකයින් සේම මොහුගේ ද අවදනයට ලක් විය. මෙය සංකල්පයක් ලෙස මෙකී අවදියේ භාවිත නොවුන ද 'කාචවිවරයේ' (Aperture) ක්‍රියාවලියට සමාන විය. එසෙම අඳුරු කුටිය කුඩා උපකරණයක් ලෙස නිර්මාණය කිරීමේ පරීක්ෂණ ඔහු විසින් සිදුකර ඇති අතර, ඊට අදාළ සැළැස්මක් ද ඩාවින්චි ඉදිරිපත් කොට ඇති නමුත් ඔහුගේ ජීවන කාලය තුල කිසිදු බුද්ධිමතෙකු මේවා අවදානයට නොගැනීම කැමරාව බිහිවීම පමා වීමට හේතුක් වන්නට පුළුවන. කුඩා පෙට්ටියක් ගෙන එහි එක් පැත්තක් කපා වෙන්කර දමා, එම ප්‍රමණයට සමාන විනිවිදක තිරයකින් එම පැත්ත ආවරණය කොට අනෙක් පැත්තේ ආලෝකය ඇතුලු වීම සඳහා අල්පෙනිත්තක් තරම් කුඩා සිදුරක් කොට, අන් සියලු ප්‍රදේශ ආලෝකය නොලැබෙන ලෙස සිමා කරන ලදි. ඉදිරියේ ඇති සිදුරෙන් ලැබෙන ආලෝකය නිසා පිටත ඇති වස්තූන් හී ප්‍රතිබිම්භය සෙවණැලි මෙන් විනිවිදක තිරය මත සටහන් විය. තිරයේ පිහිටීම වෙනස් කරන විට ප්‍රතිබිම්භය තියුණු වන බවට ඩාවින්චි මත පල කොට ඇත. මෙම සිදුර හරහා ලැබෙන ආලෝකය නිසා ඇතිවන ප්‍රතිබ්ම්භ විශාල වශයෙන් තීවෘර නොවුන ද කැමරව බිහිවීම සඳහා මූලික වු උපකරණයක් ලෙස මෙම කැමරා ඔබ්ස්ක්‍යුරාවේම වැඩි දියුණුව සැලකිය හැක. සිදුරු කැමරාව, “පින්හෝල් කැමරාව යනාදී නම් වලින් ද මෙය හදුන්වා ඇත. අප කුඩා කල පාසල් අවදියේ සිදුරු කැමරාව ලෙස සාදන්නේ ද මෙම ඩාවින්චිගේ ආකෘතිය ගුරු කොටගෙන වන අතර, එහි ප්‍රතිභිම්භවල තීවෘරතාව වැඩි දියුණු කරගන්නේ ද තිරය වෙනස් කරමින් ය.

                                                        ගිරලමෝ කාදන් විසින් අනතුරුව 16 වන සියවසේම මැද භාගයේ දී ඩාවින්චිගේ මෙම කැමරා ඔබ්ස්ක්‍යුරාව සඳහා සිදුර වෙනුවට ද්විඋත්තල කාචයක් යෙදීමට උත්සාහ ගෙන ඇති බව පැවසේ, 1569 පමණ 'ඩැනියෙල් බාබරෝ' නම් අය ප්‍රථම වරට "කාච විවරය" පිලිබඳ අධ්‍යනයන් පවත්වා ඇත. ඩාවින්චිගේ මෙම නිර්මාණය පාදකව නවීකරනයන් සඳහා උත්සාහගත් වැදගත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන්නේ ඩාවින්චිගේ ම සමකාලීනයෙකු වු ඉතාලි ජාතික බතිස්තා දෙලාපෝර්තා නම් විද්‍යාඥ්ඥයා ය. මිනිස් ඇස හා ආලෝකය අතර ඇති සබඳතාව කෙරෙහි ද අධ්‍යනයන් සිදු කළ ඔහු ඩාවින්චිගේ නිර්මාණයක් ලෙස සැලකෙන කැමරාව කැමරාඔබ්ස්ක්‍යුරාවේ නවීකරණයක් වූ පින්හෝල් කැමරාවට සමාන උපකරණයක් නිර්මාණය කොට, ඒ ආශ්‍රිත පර්යේෂණ සිදුකර ඇති අතර, සිදුර තුලින් ලැබෙන ආලෝකයෙන් තිරය වෙත ලැබෙන ප්‍රතිබිම්බයේ අපැහැදිලි බව මගහැර ගැනීම පිණිස සිදුර වෙනුවට කාචයක් භාවිතා කිරීම මගින් වඩාත් පැහැදිලි සේම තීවෘර ආලෝක කදම්භයක් සහිත කිරීම ආශ්‍රිත අත්හදා බැලීම් මොහු විසින් සිදුකර ඇත. කැමරාව සඳහා කාචයක් භාවිත කරමින් විශාලතම සාර්ථකත්වයක් ලැබූ මූලිකම අවස්ථාව මෙය විනා, ඒ සඳහා කාච භාවිත කළ මුල්ම හෝ එකම අවස්ථාව මෙය වන්නේ නැත. දෙලාපෝර්තා විසින් ද මෙය සුපුරුදු ලෙස කැමරා ඔබ්ස්ක්‍යුරා යන නමින්ම හදුන්වා  ඇත. එසේම අංග සම්පූර්ණ කුඩා උපකරණයක් ලෙස ප්‍රථම වරට කැමරා ඔබ්ස්ක්‍යුරාව නිර්මාණය කළ තැනැත්තා ලෙස ඉතිහාසයට එකතු වන්නේ ද දෙලා පොර්තාය. නමුත් මෙහි ගෞරවය උක්ත කී සියලුම පඬිවරුන්ට හිමි නොවුන හොත් කැමරා ඔබ්ස්ක්‍යුරාව කිසිවිටෙකත් දෙලාපෝර්තා අතින් අංග සම්පූර්ණ ලෙස බිහි නොවනු ඇත.

පසුකාලීන කැමරා ඔබ්ස්ක්‍යුරාව.

අනතුරුව 17 හා 18 සියවස් වල මෙම නිර්මාණය ඡායාරූප ශිල්පය වෙනුවට චිත්‍ර ශිල්පීන් හා තාරකා විද්‍යාඥයින් ආදීන්ගේ පරිහරණය සඳහා භාවිතා වූ බව පැවසේ. ඡායාරූප ශිල්පය බිහි වන්නේ මෙතෙක් ප්‍රතිබිම්බය තිරයක් වෙත පතිත කර ගැනීමේ අවශ්‍යතාව තවත් සංකීර්ණ වී, එය යළි නොවෙනස් වන ලෙස හා කල් පවත්නා ලෙස නිශ්චල අන්දමින්, චිත්‍ර ශිල්පියා මෙන් ආයාසයකින් අතින් ඇඳීම වෙනුවට ආලෝකය තුළින්ම යම් මාධ්‍යයක් නැතහොත් මතුපිටක් තුළ සටහන් කරගැනීම කාරණා කොටගෙනය.

මේ සඳහා උක්තයෙන් පැවසූ භෞතික විද්‍යාත්මක සොයාගැනීම් හා ප්‍රකාශ විද්‍යාත්මක නියතීන්ට පරිබාහිර වූ රසායන විද්‍යාත්මක අනාවරණයන් ද ඉතාම වැදගත් වේ. මෙහිලා වැදගත් සේ සැලකිය හැකි මුල්ම සොයා ගැනීම වූයේ 18වන සියවසේ පමණ  ජෝන් ෂූල්ස් විසින් ය. ඔහු විසින් සිල්ව නයිට්‍රේට් හා කැල්සියම් මිශ්‍රණයක් ආශ්‍රයෙන් සෑදූ රසායනික ද්‍රව්‍යයක්  ආලෝකයට සංවේදී බව පෙන්වා දී ඇත. ඒ වන විටත් එහි වර්ණය වෙනස් වෙනස් වීම වාතය නිසා සිදුවන බව ඇතැම් පාර්ශව පිළිගත් අතර, එය ආලෝකය නිසා සිදුවන්නක් බව ඔහු විසින් හෙළිදරව් කරන ලදී. ඉන් අනතුරුව රසායන ද්‍රව්‍ය හා ආලෝක සංවේදීතාව කෙරෙහි පරීක්ෂණ පැවැත්වූ අයෙක් වන්නේ මැටි භාණ්ඩ නිෂ්පාදන පරම්පරාවකට උරුමකම් කියන "තෝමස් වෙජ්වුඩ්" නම් පුද්ගලයා විසින් ය. ඊට ආභාසය ඔහු වෙත ලැබී ඇත්තේ මැටි භාණ්ඩ ආශ්‍රිත මෝස්තර නිර්මාණය සදහා ඔහුගේ පියා විසින් කැමරා ඔබ්ස්ක්‍යුරාව යොදාගැනීම නිසා විය හැක. ක්‍රි.ව. 1800 පමණ තෝමස් වෙජ්වුඩ් රිදී ලවණ ගැල්වූ කඩදාසි යොදාගෙන ප්‍රතිබිම්බ සටහන් කර ගැනීමට උත්සාහ දරා ඇත. පසුව ඔහුගේ මිත්‍ර රසායන විද්‍යාඥයෙකු වූ "හම්ෆ්‍රි ඩේව්" රිදී ක්ලෝරයිඩ් ආලෝකයට වඩාත්  සංවේදී බව පෙන්වාදීම නිසා, ඒ ආශ්‍රිත පර්යේෂණ පවත්වා ඔහු සිළුවට් ආකාරයේ (Silhouette) දුර්වල ප්‍රතිබිම්බයක් රසායනිකව සටහන් කරගත් අතර, එය ස්ථාවර කිරීම සඳහා ක්‍රමවේද නොතිබූ නිසා එම සටහන සම්පූර්ණයෙන්ම දැවී කළු පැහැ ගැන්වී විනාශ වී ඇති බව පැවසේ. නමුත් මෙය මුල් කාලීන සාර්ථක අත්හදා බැලීමක් ලෙස අවධාරණයෙන් යුතුව පැවසිය යුතුය.

                                                            බාහිරින් ලැබෙන ආලෝකය තීන්ත ආදියෙන් තොරව යම් මතුපිටක් තුළ ස්ථාවර ලෙස ප්‍රථම වරට සටහන් කරගත් පුද්ගලයා යන ගෞරවය හිමි වන්නේ ප්‍රංශ ජාතික විද්‍යාඥ "ජෝසප් නිසිපෝර් නීප්සේ" (Joseph Nicephore Niepce) වෙතටයි. තහඩුවක් මත බිටුමින් ද්‍රාවණයක් ගල්වා ඒ මත, 1826 දී පමණ සිය නිවසෙහි උඩු මහලේ සිට පහතින් පෙනෙන ගෙවල්වල දර්ශනයක් සාර්ථකව සටහන් කරගෙන ඇත. මෙය එතරම්ම පැහැදිලි නොවුන ද සංවේදකයක් මත රූපයක් සටහන් කර ගත් ප්‍රථම සාර්ථක අවස්ථාව ලෙස සැලකෙන්නේ මෙයයි. කළු සුදු ඡායාරූපයක් වූ අතර සුදු වර්ණය සුදු ලෙසත්, කළු වර්ණය කළු ලෙසත් සටහන් වූ ධන ලක ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. යොදාගත් රසායන ද්‍රව්‍ය වල ආලෝකය සංවේදීතාව අවම නිසා රූපය අනාවරණය වීම සඳහා පැය අටක් පමණ ගත වූ බව පැවසෙයි. එබැවින් මානව ඡායාරූප ලබා ගැනීම අපහසු කාර්යයක් විය. ලොව මුල්ම ඡායාරූපය ලෙස ද මෙය සලකනු ලබයි. නීප්සේ විසින් මෙය හඳුන්වා ඇත්තේ, “හේලියෝග්‍රාෆ්” (Heliography) යන නාමයෙන් ය. එනම් ආලෝකයෙන් ඇඳීම ලෙසයි.

නීප්සේ විසින් ක්‍රි.ව.1826 පමණ ලබාගත් ලොව මුල්ම ඡායාරූපය.

පසුව මේ ආශ්‍රිත පූර්වයේ පටන්ම තවත් පර්යේෂකයෙකු වූ "ලුවිස් ජැක් මැන්ඩේ ඩැගියුරේ" (Louis Jack Mande Daguerre) නීප්සේ හා එක්ව මේ ආශ්‍රිත පර්යේෂණ සිදුකර ඇති අතර, 1833 දී පමණ නීප්සේගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ පුතු හා එක්ව ඩැගියුරේ මෙම පර්යේෂණ කටයුතු ඉදිරියට සිදුකරගෙන ගොස් ඇත. මෙහිදී රසායන ද්‍රව්‍ය වල ආලෝක සංවේදීතාව වැඩි දියුණු කර වඩා පැහැදිලි හා අනාවරණ කාලය ඉතා අඩු කිරීමට ඩැගියුරේ හට හැකිව ඇත. මෙය ඔහු විසින් "ඩැගියුරෝටයිප්" (Daguerreotype) ලෙස හඳුන්වා ඇති අතර, අනාවරණය කාලය විනාඩි 4ක් දක්වාත්, පසුව විනාඩියක් දක්වා ද අඩු කිරීමට සමත්ව ඇත. මෙහිදී ඔහු රිදී ඔපදමා, අයඩින් ආලේප කර සැදූ තඹ තහඩුවක් මත සංවේදී මතුපිටක් නිර්මාණය කර, එය කැමරාවට යොදා ආලෝකයට නිරාවරණය කරන ලදී. රිදී ක්ලෝරයිඩ් ද්‍රාවණයකින් තහඩුව පිරියම් කොට රූපය ස්ථාවර කරගෙන ඇත. 1838 දී ප්‍රංශයේ පැරිස් නුවර වීදියක දර්ශනයක් මේ හරහා ඔහු සාර්ථකව රූගත කර ඇති අතර, සපත්තු ඔප දැමීමක දී පුද්ගලයෙකු විනාඩියක් පමණ නොසෙල්වී සිටීම නිසා මිනිස් රුවක් ද මෙහි සටහන්ව තිබූ අතර, මිනිස් රුවක් සහිත ලොව පළමු ඡායාරූපය ලෙස එය ඉතිහාසගත වී ඇත. 1839 දී මෙම ක්‍රමය ප්‍රංශ විද්‍යා ඇකඩමියට ඉදිරිපත් කොට ඇති අතර, 1839 අගෝස්තු 29 වන දින මෙම ඡායාරූප ක්‍රමය විද්‍යාත්මක සේම කලාත්මක ක්‍රමවේදයක් ලෙස පිළිගෙන ඇත. පසුව ඔහු මෙය වාණිජමය වශයෙන් රජ පවුල්වල හා ධනපති පැළැන්තියේ පුද්ගලයින්ගේ උඩුකය ඡායාරූප හා විවිධ ඡායාරූප ලබාගෙන ඇති අතර, පසුව ඡායාරූපය යන කාරණාව  ප්‍රංශය පුරා ජනප්‍රිය වී ඇත.

ඩැගියුරේ විසින් ක්‍රි.ව.1838 පමණ ලබාගත් මානව රූපයක් සහිත ලොව මුල්ම ඡායාරූපය.

ඡායාරූප ඉතිහාසය තුළ මීළඟ වැදගත් පුරෝගාමී චරිතයක් ලෙස හඳුනාගත හැක්කේ "හෙන්රි ෆොක්ස් ටැල්බොට්" (Henry Fox Talbot) ය. ඔහු ඡායාරූප ගැනීමේ දී මෙතෙක් භාවිතා වූ ධන ඵලක ක්‍රමය වෙනුවට, ඍණ ඵලක සංකල්පය හඳුන්වා දී ඇත. මෙය "කැලොටයිප්" ලෙස හඳුන්වා ඇත. මෙතෙක් භාවිතා වූ තහඩු මතුපිට වෙනුවට හේලයිඩ් හා පොටෑසියම් ගැල්වූ උසස් කඩදාසි විශේෂයක් භාවිතා කොට සංවේදකය නිර්මාණය කර ඇත. මෙම සංවේදී මතුපිට නැවත ආලෝක සංවේදී සංවේදී ප්‍රභවයක් තුළින් යැවීම මගින් ධන ඵලක ලෙස ඡායාරූපය ලබාගත හැකි විය. මෙහි ඇති සුවිශේෂීතාව නම් අවශ්‍ය තරම් එක් ඡායාරූපයක පිටපත් ලබාගත හැකිවීමයි. 1841 පමණ වන විට මෙය සාර්ථකව තවත් වැඩි දියුණු වී ඇති අතර, "නූතන ඡායාරූපකරණයේ පියා" යන විරුදාවලිය යටතේ ටැල්බොට් හඳුන්වන්නේ, මෑතක් වන තුරුම ඡායාරූපකරණය සඳහා භාවිතා කරන ඍණ ඵලක වලට වඩා, ඔහු එම සංකල්පය හඳුන්වාදීම නිසාය.

                                              ඡායාරූප ශිල්පය සම්බන්ධ මීළඟ වැදගත් සොයා ගැනීම කළ චරිතය වනුයේ "ස්කොච් ආචර්" නම් ඉංග්‍රීසි ජාතික මූර්ති ඡායාරූප ශිල්පියා . ඔහු විසින් 1849 දී පමණ තෙත් කොලෝඩියන් ක්‍රමය නම් ක්‍රමයක් අත්හදා බලන ලදී. මෙය ටැල්බොට්ගේ කැලොටයිප් ක්‍රමයේ පැවති කඩදාසි ක්‍රමයට වඩා තරමක් ස්ථාවර කර ගැනීමේ පහසුව වැඩිදියුණු කිරීමේ ක්‍රමයකි. ඇලෙන සුළු ඇලෙන කොලෝඩියන් ද්‍රාවණයක් භාවිත කරමින් වීදුරු මතුපිටක ආලෝක සංවේදී රසායන ද්‍රව්‍ය ගල්වා මෙය නිර්මාණය කර ඇත. මොහුගේ මෙම කොලෝඩියන් ක්‍රමය ඡායාරූප ප්‍රතිනිෂ්පාදනයට හා අනාරාවරණ කාලය තරමක් අඩු කිරීමට ද සමත් වී ඇත. එබැවින් ඡායාරූපකරණයේ නියැලී සිටි ශිල්පීන්ට වඩා පහසුවෙන් උසස් නිර්මාණ බිහි කිරීමට පැතිකඩ විවර වූ බව පැවසේ.

                                                             මෙකී තෙත් තහඩු ක්‍රමයට විකල්පයක් ලෙස "වියළි පත් ක්‍රමය" නම් ක්‍රමයක් 1871 දී ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වූ රිචඩ් ලීච් මැඩොක්ස්" සොයා ගන්නා ලදී. ඒ ජෙලටීන් වල දියකර ගත් රසායනික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සාදාගත් ඉමල්ෂන් ද්‍රාවනයක් වීදුරු තහඩු මත ආලේප කර ගැනීමෙන්ය.

                                             මේ අවධිය වන විට ඡායාරූප ශිල්පය සඳහා යොදාගත් කැමරාව "මයික්‍රෝවේව් උදුනක්" තරම් විශාල වූ බවත්, එහා මෙහා ගෙන යාමට අපහසු සේම, රඳවා තැබීම සඳහා විශාල ප්‍රමාණයේ ආධාරක ආදිය අවශ්‍ය වූ බව පැවසේ. එබැවින් මෙකී දුර්වලතා මඟ හැරීම සඳහාත්, ඡායාරූපය යන සාධකය  ශිල්පයක් වශයෙන් එදිනෙදා පුද්ගලයින් අතර ව්‍යාප්ත කිරීමේ ගෞරවයත් හිමි වනුයේ ඇමරිකානු ජාතික "ජෝර්ජ් ඊස්ට්මන්ට්" හට . ඔහු කැමරාව කුඩා උපකරණයක් බවට පත් කිරීම සඳහා විවිධ පර්යේෂණ සිදු කර ඇත. වසර තුනක පමණ පර්යේෂණ වලින් පසුව ඔහු 1880 දී පමණ මහා පරිමාණයෙන් වියළි තහඩු වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිර්මාණය කිරීමට සමත්වී ඇත්තේ, පේටන් බලපත්‍රය ද සහිතව . කෙසේ වුවත් ඊස්ට්මන්ට් මෙම අත්හදා බැලීම් වලට පැමිණීමටත් පූර්වයේ පටන් ම අත්විඳි ගැටලුවක් වූයේ, කැමරාව ප්‍රමාණයෙන් හා බරින් වැඩි වීම ය. එය මඟ හැරීම පිණිස ඔහු දිගින් දිගටම අරමුණු කොට ගෙන පර්යේෂණ සිදුකර ඇත.

19වන සියවසේ මුල් භාගයේ භාවිත වූ
ප්‍රමාණයෙන් විශාල චිත්‍රාගාර 
කැමරාව.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු 1883- 1885 පමණ කාලය වන විට වෙළඳපලේ ඇති සෑම ප්ලේට් කැමරාවකට ම සංවේදී ළක වෙනුවට ආදේශ කළ හැකි "ෆිල්ම් රෝල්" ලෙස හැඳින්වෙන කඩදාසිමය සංවේදක රෝල් නිෂ්පාදනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇත. 1888 දී පමණ ඔහු "කොඩැක්" (Kodak) වෙළඳ නාමය යටතේ "කොඩැක් පෙට්ටි කැමරාව" ලෙස නම් කරන ලද, පහසුවෙන් අතෙහි රඳවා ගෙන කටයුතු කළ හැකි, සේම එහාමෙහා ගෙනයා හැකි කැමරාවක් ද, ඡායාරූප 100ක් පමණ ලබාගත හැකි පටල පටියක් ද නිපදවා වෙළඳපොළට නිකුත් කර ඇත්තේ, ඇමෙරිකානු ඩොලර් 25 කට ය. එහි ප්‍රවර්ධන පාඨයක් ලෙස යොදා ඇත්තේ "ඔබ බොත්තම තද කරන්න, ඉතිරිය අප කරන්නම්" (You Press The Button, We Do The Rest)  ලෙස යි. මේ යටතේ විශේෂිත වෘත්තීය පුහුණුවකින් තොරව ඕනෑම අයෙකුට ඡායාරූප ලබා ගැනීමට හැකි වූ නමුත්, කැමරාව තුළ පටල පටිය  තිබියදී ම එය කොඩැක් රසායනාගාරයට ලබාදී පටල පටිය පිරිසැකසුම් කර ඡායාරූප මුද්‍රණය කරගත හැකි විය. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 10ක් පමණ වැය විය. මෙකී දුර්වලතාව ද මඟහරිමින් තවදුරටත් ක්‍රියාවලිය සුහුරු කරමින් වඩා නම්‍යශීලී සෙලෝලයිඩ් පටල පටියක් හඳුන්වා දී, ඕනෑම අඳුරු කාමරයක් යටතේ පිරිසැකසුම් කර හැකි අතර, විශේෂිත රසායනාගාරයකට යැවීමේ අවශ්‍යතාවය නොමැති වන තත්වයට ඡායාරූප ශිල්පය දියුණු කර ඇත. පසුකාලීනව මෙකී සෙලියුලොයිඩ් පටලයේ පැවැති ගිනිගන්නා සුළු බව මඟ හැර සෙලියුලෝස් ඇසිටේට් හරහා පටල පටිය නිපදවා ඇති අතර, නූතන ඩිජිටල් ආගමනයට පෙර මෑතක් වන තුරුම පැවති පටල පටි සදහා  භාවිත වූයේ ද මෙකී සිද්ධාන්තය යි.


ක්‍රි.ව. 1888 පමණ ජොර්ජ් ඊස්ට්මන්ට් විසින් හඳුන්වා දුන් පෙට්ටි කැමරාව.






මෙසේ මුල් කාලීනව බිහි වූ කැමරා ඔබ්ස්‍ක්‍යුරාව පසුව චිත්‍රාගාර කැමරාව (studio  camera) ලෙස සංවර්ධනය වූ අතර, පසුව 19 වන සියවසේ මැද භාගයේ පෙට්ටි කැමරාව (box camera) ලෙසත්, පසුකාලීනව ද්වි කාච පෙරළි කැමරාව (TLR camera) ලෙසත්, ඉන් පසුව ඒක කාච ප්‍රතිඡායා කැමරාව (SLR camera) ලෙස විකාශනය විය. මෙම කාල සීමාව පොදුවේ පටල පට යුගය ලෙස හඳුන්වයි. මෙහි දී ටැල්බොට් විසින් අවදාරණය කරන ලද "ඍණ ඵලක ක්‍රමය" හා  ඊස්ට්මන්ට් විසින් හඳුන්වා දුන් "පටල පටි ක්‍රමය" භාවිත විය. 
SLR කැමරාව.

TLR කැමරාව.


  
කැමරාව සඳහා භාවිත වූ පටල පටි.
                                                   පසුව ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ දියුණුවත් සමඟ කැමරාවේ රසායනික සංවේදකය ඉවත් වීමට මඟ පාදා ඇත. ඒ අනුව ක්‍රී.ව. 1975 දී පමණ කොඩැක් ආයතනයේ ඉංජිනේරුවකු වූ "ස්ටීවන් සැසන්" (Stevan Sasson) විසින් ඩිජිටල් කැමරා සංකල්පය හඳුන්වා දී ඇත. ඉන් පසුව මෙය තවත් වැඩි දියුණු වී ඩිජිටල් කැමරා භාවිතයට පැමිණ ඇති අතර, මෙමරි කාඩ්පත්, පික්සල් හා මෙගාපික්සල් යන භාවිතයන් ද මේ හරහා පැමිණ ඇත. එය SLR කැමරාවට ඩිජිටල් තාක්ෂණය එකතු වීම නිසා DSLR ලෙස හඳුන්වා ඇත. නූතනය වන විට DSLR කැමරාවේ තවත් වැඩි දියුණුවක් ලෙස Mirror less කැමරා කරළියට පැමිණ ඇත.
නූතනයේ භාවිත වන නවීන Mirror less කැමරාවක්.









දියුණු මට්ටමේ නූතන DSLR කැමරාවක්.














                                                      මෙකී සවිතරාත්මක විග්‍රහය තුළින් සියවස් ගනණාවක පටන් නූතනය දක්වා කැමරාව  පාදක ඡායාරූප මාධ්‍ය යේ විකාශනය ඉතා හොඳින් හඳුනාගත හැකි වේ. 

30 comments:

Thothennaekama said...

👍

Dinusha said...

සුපිරි 👍👍👍

Dinusha said...

එල කිරි👍👍

Dinusha said...

එල කිරි සුපිරි කිරි👍👍

Dinusha said...

එලකිරි👍

Anonymous said...

නියමයී...

Unknown said...

godaak hoda blogger ekak malli...❤

Unknown said...

සින්හලෙන් type කරලා තියෙන එකනම් ගොඩාක්ම වටිනවා. ✍️

Unknown said...

සුපිරි 👍



Dinusha said...

හොදට වඩේ කරල තියනවා
👍👍

Dinusha said...

ඔහොම තමා ඉන්න ඔනි හොදට වැඩෙ කරල තියනවා

Shashikala said...

සිංහලෙන් විස්තරෙ දාලා තියෙන එක ලොකු දෙයක්, කතාන්දරයක් වාගේ සරලව තියෙන නිසා post එක ඉවර වෙනකම් එක දිගට කියෙව්වා. නියමයි.

Unknown said...

සුපිරි 👍👍👍

Unknown said...

නියමයි මචන් 👍👍අද තමයි මේවගෙ විස්තරයක් දැනගත්තෙ
ගොඩක් වටිනවා 🙏

Sathya said...

👍👍👍👍

Unknown said...

කියලා වැඩක් නැ සුපිරියක් තමා👍👍👍

Saranga said...

Niyamai me visthare mage uwamanawakata hoya hoya hitiye

Get up u said...

නියමයි මල්ලී.... 💪👍

Anonymous said...

වැදගත්

Ishan Sampath said...

කතාන්දරයක් !

pothak gana hithak said...

Maru eka❤️😍

Anonymous said...

superb

The Confluence Of Wisdom said...

Anonymous said...

👍godak wedagath photo gahuwata eke ithihase danagaththe meken

Vindi fernando said...

😍

RASAGENENASINAMAWA said...

Wow excelent 😍

Prathiba said...

💝🎀

Unknown said...

📽️📸

Gayani Thennakoon said...

Good job👍👍

LIGHT'S OUT said...

❤️❤️❤️❤️