Wednesday, May 4, 2022

ෆයිල් ෆෝර්මැට් කියන්නේ මොනවා ද ?

 

 ගොනු ආකෘති ගැන හැඳින්වීමක්....

                                                                   

                                    

                                              සාමාන්‍යයෙන් අප ඩිජිටල් තාක්ෂණය හා ගනුදෙනු කරන අවස්ථාවල file format බොහෝ වශයෙන් හමුවේ. විශේෂයෙන් අප සියලු දෙනා ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ බහු මාධ්‍ය විධික්‍රම පරිහරණය කිරීමේ දී දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරනුයේ file format සමග ගනුදෙනු කිරීමකි. file format කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ යම්කිසි ගොනුවක ආකෘතියට . සරල නිදසුනක් ලෙස වාහනයක් ගත් විට පොදුවේ සියල්ලෙන්ම සිදුවන්නේ ප්‍රවාහනය යි. නමුත් විවිධ අවශ්‍යතා සඳහා විවිධ මාදිලියේ වාහන අපට යොදා ගැනීමට සිදුවේ. ගොනු ආකෘති නැතිනම් File Format ද විවිධ මාදිලි වේ. එසේ වන්නේ ද අපට විවිධ ආකාරයේ ඩිජිටල් ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නිසා ය. එනම් පින්තූර ආශ්‍රිතව ගණුදෙනුවක් සිදු කිරීමේ දී විවිධ ආකෘති වර්ග හමුවේ. jpeg, png, raw, tiff ආදිය නිදසුන් වේ. එසේම වීඩියෝවක් නැරඹීමේ දී mp4, 3gp, mov ආදී විවිධාකාර වේඅප සාමාන්‍යයෙන් "pdf එකක් බලනවා" කියලා කියන්නේ වාර්තාමය ඩිජිටල් ගොනු වර්ගයක් හා වැඩ කිරීමකි. එහි ගොනු වර්ගය වන්නේ pdf ය. එබඳුම docx, txt ආදී විවිධ ස්වරූප වාර්තාමය ඩිජිටල් ගොනු ආකෘති ඇත. මෙකී ගොනු එකකින් එකකට වෙනස් විවිධාකාරයේ වැඩ සඳහා යොදා ගැනේ. එබැවින් අපගේ අවශ්‍යතාව මත File Extension තෝරාගත යුතුයඑසේම ඕනෑම ආකාරයක ෆයිල් ෆෝමැට් එකක් අපට සරළව හඳුනාගත හැක්කේ, ගොනුවේ නාමයට අවසානයෙන් .jepg/ .pdf/ .mp4/ .pptx ලෙස සඳහන්ව තිබීම නිසාය. එසේම අපගේ පරිගණකයේ හෝ ඩිජිටල් උපාංගයේ මෙහෙයුම් පද්ධතිය ගොනුව කුමක් ද? යන්න හා එය විවෘත කරන්න කරන්නේ කුමන යෙදවුම් හරහා ද? යන්න හඳුනාගෙන තීරණය කරනු ලබන්නේ ද මෙකී ගොනු ආකෘතිය තුළින් ය. File Format යන්න තවදුරටත් විග්‍රහ කර ගැනීම සඳහා විවිධ බහුමාධ්‍ය ප්‍රවර්ගය යටතේ බහුලව හා ජනප්‍රිය ලෙස යොදාගනු ලබන ගොනු ආකෘති කිහිපයක් පහත පරිදි විග්‍රහ කරගත හැක.

ඡායාරූප ආශ්‍රිත ගොනු ආකෘති. (Image File Format)

JPEG  ÷ (Joint Photographic Experts Group)

                  Joint Photographic Experts Group  යන්නෙහි කෙටි නම jpeg නම් වේමේ නම යොදා ඇත්තේ මෙම වර්ගය හඳුන්වාදුන් කණ්ඩායමේ නමින් ය. ඇතැම් මෙහෙයුම් පද්ධති වල jpg ලෙස ද දක්නට ඇතසාමාන්‍යයෙන් ඡායාරූප මාධ්‍ය තුළ බහුලව පරිහරණය වන ගොනු ආකෘතියක් ලෙස මෙය හඳුනාගත හැක. සාමාන්‍යයෙන් කැමරාවක් මගින් ඡායාරූප ලබාගැනීමේ දී හෝ පරිගණකයේ හෝ ජංගම දුරකථන යෙදුමක් මගින් පින්තූරයක් නිර්මාණය කිරීමේ දී ද මෙම ගොනුව අපට තෝරා ගත හැකි වේ. මෙම කුමන ආකාරයකින් නිර්මාණය කළ ද මෙම මාදිලියේ දී සිදුවන්නේ මුළු දත්ත සම්පිණ්ඩනය (Compress) වී ඡායාරූපයේ බර ප්‍රමාණය, තවත් සරලව කියනවා නම් අප එදිනෙදා කියන විදිහට MB ගණන අඩු වීමයි. එසේම ඡායාරූපයේ දත්ත නැති වීමක් (Data Losing) ද සිදු වේ. මෙම දත්ත අඩුවීම අපට එතරම් පහසුවෙන් හඳුනා ගැනීම අපහසු ය.  ඡායාරූපය තරමක් යුහුමු (zoom) කර බැලූ විට ඡායාරූපය තරමක් අපැහැදිලි ස්වරූපයකින් දිස් වන්නේ එබැවින් .

jpeg මාදිලිය ද ප්‍රභේද කිහිපයක් යටතේ ඇත. සාමාන්‍යයෙන් කැමරාවක් හරහා රූගත කිරීමේදී jpeg ගොනු මාදිලි යටතේ, high, low, medium ලෙස වේ. මේ යටතේ සිදු වන්නේ, high මාදිලියට සාපේක්ෂව low මාදිලියේ දී ඡායාරූපයට හසු වී ඇති දත්ත ප්‍රමාණය හා බර ප්‍රමාණය අඩුවීමයි. පොදුවේ jpeg මාදිලියේ දත්ත සම්පිණ්ඩනය නිසා සිදුවන ගුණාත්මක බව අඩු වීම ගැටලූවක් වන අතර, බර ප්‍රමාණය අඩුවීම වාසියකි. කෙසේ වෙතත් එදිනෙදා භාවිතයට සේම අවස්ථාවෝචිතව වෘතීය මට්ටමේ භාවිතයන් සදහා ද මෙම ප්‍රවර්ගය හොඳම මාදිලියක් ලෙස හඳුනාගත හැකි අතර, එය පුද්ගලයාගේ අවශ්‍යතාවය මත වෙනස් බව වන තරයේ පැවසිය යුතුය. Whatsapp වැනි බර ප්‍රමාණය සීමා සහිත ගොනු හුවමාරු වල දී මෙම මාදිලිය අතිශය වාසිදායක වේඑසේම අනෙක් ආකාරයේ ගොනු හුවමාරු මාදිලි හරහා පහසුවෙන් හුවමාරු කරගැනීම ද ඇති වාසියකි.


RAW ÷

 

jpeg ගොනු වර්ගය යටතේ ඡායාරූපයේ දත්ත සම්පිණ්ඩනය වුවත්, මෙම මාදිලියේ දී එසේ නොවේ. පුළුල් පරාසයක් යටතේ දත්ත ග්‍රහණය වන අතර එය සම්පිණ්ඩණය නොකර "uncompress" ලෙස දත්ත සුරකිනු ලබයි. එබැවින් දත්ත නැති වීමක් (Data Losing) සිදු නොවේ. නමුත් අතිශය දත්ත ප්‍රමාණයක් සටහන් වන නිසා බර ප්‍රමාණය අතින් ඉතාම ඉහළ වේ. ඇතැම් විට ඇතැම්විට 200mb ක් 500mb ක් නැතහොත් ඊටත් වඩා අඩු වැඩි පරාසයක් පමණ වන අතර, ඡායාරූපයට හසු වන අරමුණු වල ඇති දත්ත, ආලෝකය, වර්ණ ආදිය මත බර ප්‍රමාණය අඩු වැඩි වීම සිදුවේ. DSLR හා mirror less camera, උසස් තත්වයේ ස්කෑන් යන්ත්‍ර වල මෙම මාදිලිය හරහා ඡායාරූප ලබාගැනීමේ හැකියාව ඇත. බොහෝ විට පරිගණකයක් හරහා RAW පින්තූරයක් විවෘත කිරීමේ දී, ඇතැම් විට ඔබගේ සුපුරුදු Image Viwer මදුකාංගයෙන් විවෘත වන අතර, ඇතැම් ඒවා සඳහා කැමරා නිෂ්පාදකයා හඳුන්වා දෙන අතර මැදි මෘදුකාංගයක් අවශ්‍ය වේඊට හේතුව මෙම මාදිලිය ප්‍රමිතිගත නොවීම හෙවත් කැමරා නිෂ්පාදකයාගෙන්, නිෂ්පාදකයා වෙනස් ආකාරය ප්‍රයෝග යොදා ගැනීමයි.

මෙය සාමාන්‍යයෙන් පොදු භාවිතයට වඩා වෘත්තීය මට්ටමේ භාවිතයකට මඟ පාදයි. graphic design, advertising, විශාල ප්‍රමාණයේ කටවුට් හා බැනර් මුද්‍රණ කටයුතු ආදිය සඳහා ඉතාම වැදගත් වේ. විශේෂයෙන් jpeg විශාල මුද්‍රණ අසාර්ථක අතර, මෙය එට පිළියමකි. කෙසේ වුවත් ගොනු හුවමාරුව හා විවෘත කිරීම අපහසු හා කල් ගතවීම, මතක පත්වල ගබඩාව ශේෂ වීමපසුසැකසුම් ප්‍රයෝග හරහා සංස්කරණයක් අවශ්‍ය වීම ආදිය මෙහි ඇති  ගැටළු වන අතර, සියුම් සියුම් ස්ථාන පවා සංස්කරණයෙහි පහසුව, සෑම දත්තයක්ම සටහන් වීම, වර්ණ ආදිය එලෙසම ග්‍රහණය කරගත හැකි වීම මෙහි ඇති වාසි වේ. එසේම ගොනුවෙහි අවසන් නාමය කැමරා වර්ගයෙන් කැමරා වර්ගයට වෙනස් වේ. Sony කැමරාවේ දී .ARW ලෙසත්, Canon කැමරාවේ දී .CRW/ .CR3 ලෙසත් දිස් වේ.


TIFF  ÷ (Tag Image File Format)


මෙහිදී jpeg ආකාරයට වඩා සාපේක්ෂව පින්තූරයේ බර ප්‍රමාණය වැඩි වේ. මෙය කැමරාවක් හරහා ග්‍රහණය වන මාදිලියක් නොවන අතර, jpeg ආකාරයේ පින්තූරයක් සංස්කරණය කොට, tiff  ලෙස සුරකිනු ලබයි. මෙහි දී සංස්කරණ දත්ත සම්පිණ්ඩනයක් සිදු නොවේ. උසස් තත්වයේ jpeg පින්තූරයක් සංස්කරණය කර tiff මාදිලියෙන් සුරැකි විට දත්ත ඒ ආකාරයෙන්ම පවතියි. වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පීන් හා ග්‍රැෆික් ආශ්‍රිත කර්මාන්ත වල දී මෙය බහුලව යොදා ගනියි. tiff ආකාරයෙන් නිර්මාණය කළ ඡායාරූපයක් නැවත නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ දී පුළුල් ලෙස හැසිර වීමේ හැකියාවක් පැවතීම වාසිදායක තත්වයකි. නමුත් උපාංගයේ විශාල ඉඩක් වැය වීම හා ගොනු හුවමාරු කිරීමේ දී ඇති අපහසුතා ආදිය දුර්වලතා ලෙස සැලකිය හැක.


PNG ÷ (Portable Network Graphic)

jpeg වලට පසු බහුලව අප අපට හමුවන ඡායාරූප ගොනු මාදිලියක් ලෙස මෙය හඳුනාගත හැක. සාමාන්‍යයෙන් අනෙකුත් ගොනු මාදිලිවල දී පින්තූරයක පසුබිම ඉවත් කර අවශ්‍ය අරමුණ පමණක් තනිව සුරැකීම සිදුකළ නොහැකඑහිදී සංස්කරණය කොට ඉවත් කරන ලද පසුබිම කළු හෝ සුදු පැහැයෙන් පවතියි. නමුත් මෙම සංස්කරණය කොට අනවශ්‍ය කොටස ඉවත් කොට png ලෙස ගොනුව සුරැකි විට, අවශ්‍ය අරමුණු පමණක් ඉතුරු වී, අනවශ්‍ය කොටස විනිවිදකයක් සේ දිස්වේ. මෙය ද සංස්කරණ මෘදුකාංගයක් හරහා සිදුකල යුත්තක් වන අතර, .png ලෙස ගොනුවේ අවසන් නාමය දිස්වේ. web designing, graphic designing, logo designing ආදී වෘතීය මට්ටමේ භාවිත සඳහා යොදා ගන්නා අතර, ඇතැම් විට අප එදිනෙදා ඡායාරූප සංස්කරණ කටයුතු වල දී  ද සුලභව යොදා ගනි යි. නමුත් විශාල ප්‍රමාණය ගුණාත්මක භාවයක් නොමැති වීම මෙහි ඇති වාසිදායක තත්වයක් වන අතර, නමුත් එය භාවිතයේ දී එතරම් ගැටලුවක් ලෙස හඳුනා ගැනීමක් ද සිදු නොවේ.

png රූපයක් හා jpeg රූපක් අතර වෙනස.


GIF  ÷ (Graphic Interchange Format)

මෙය අපට බහුලව දැකගත හැක්කේ, චලන රූප (Animation) ලෙසයි. මෙහිදී ද png ආකාරයේ මෙන් විනිවිද භාවයක් ඇත. ඒ ආකාරයෙන්ම අඩු බර ප්‍රමාණයක් ඇතඅප බහුලව whatsapp, telegram ආදිය හරහා චලනය වන ස්ටිකර් හුවමාරු කරයි. එහිදී ද බොහෝ විට භාවිත වන්නේ  gif මාදිලිය යිමෙය web designing, කාටුන් නිර්මාණ ආදී ක්ෂේත්‍රයන් හි දී භාවිතා වන අතරමෙහි භාවිත වන වර්ණ ප්‍රමාණය 256ක් වැනි සීමා සහිත වීම අවාසියකි. එසේම චලනය අථත්‍ය ලෙස පරිහරණය කරනවා හැරෙන්නට දෘඩ පිටපත් (hardcopy) ලෙස මුද්‍රණය කොට හෝ වෙනත් භෞතික ආකාරයකින් භාවිත කල නොහැකි අතර මුද්‍රිත රූපයක් ලෙස පමණක් දිස් වේ. එබැවින් අථත්‍ය ලෙස පරිහරණයකට මඟ පාදයි. නමුත් මෙය අවාසියක් නොවන අතර එහි ස්භාවය යැ'යි කීම නිවැරදි වේ.


වීඩියෝ ආශ්‍රිත ගොනු ආකෘති. (Video File Formats)

mp4 ÷

මෙය අප සාමාන්‍යයෙන් පරිගණක හා වැඩි වශයෙන් ස්මාර්ට් දුරකථන ආදිය තුළ බහුලව භාවිතා කරන වීඩියෝ ගොනු කෘතිය යි. එසේ බහුලව භාවිතා වීමට ප්‍රධාන හේතු කිහිපයක් ඇත. එනම් විශේෂයෙන් ස්මාර්ට් දුරකථන තිරය තරමක් කුඩා වේ. එබැවින් එහි ඒ සඳහා අවශ්‍ය සෑහීමකට පත්විය හැකි පැහැදිලිතාවක් මේ හරහා ලබාගත හැකිවේ. එසේම දෘශ්‍ය මාධ්‍ය සමග ශ්‍රව්‍ය දත්ත ගබඩා කිරීමේ හැකියාව මෙම ආකෘතිය සතු වේ. තව ද උපසිරැසි වැනි දත්ත ද මේ සමඟ සම්පිණ්ඩනය කළ හැකිවීම වාසිදායක තත්වයකිමෙහි ඇති තවත් ප්‍රධාන වාසියක් වන්නේ, android, windows, unix වැනි මෙහෙයුම් පද්ධති සහිත ඕනෑම ඩිජිටල් වේදිකාවක් සමග සේම, වාහන ආදියෙහි ඇති කුඩා වීඩියෝ ධාවන උපකරණ කරන, LED රූපවාහිනී ඇතැම් DVD යන්ත්‍ර ආදිය ද මෙම මාධ්‍යයේ වීඩියෝ සඳහා හොඳ සහයක් දක්වයි. එසේම අන්තර්ජාල භාවිතය සඳහා ද හොඳ සහයක් දක්වන මාදිලියක් වන අතරගොනු ආකෘතිය හඳුනා ගැනීම පහසු වන්නේ වීඩියෝවේ නාමය අවසානයෙහි .mp4 ලෙස යොදා තිබීම නිසා ය.


3gp ÷

මේ ද මීට කාලයකට ප්‍රථම ඉතා ජනප්‍රිය වශයෙන් භාවිතා කළ ගොනු ආකෘතියකි. නමුත් නූතනයේ භාවිතයෙන් තරමක් ඉවත්ව යාමේ සම්භාවිතාවක් ද ඇත. mp4 ආකෘතියට වඩා අතිශය විශාල දත්ත සම්පිණ්ඩනයක් සිදුවීම මෙහිදී සිදුවේ. 3g මගින් බලගැන්වූ ජංගම දුරකථන සඳහා අතීතයේ බහුලව භාවිත වූයේමෙම ආකෘතියේ වීඩියෝ වල අඩු බර ප්‍රමාණයක් ඇති නිසා වේගවත් දත්ත සම්බන්ධතාවයක් අවශ්‍ය නොවූ නිසා ය. තව ද අඩු විභේදන තත්වයක් (low quality resolution) ඇති කුඩා ප්‍රමාණයේ තිර සහිත, කුඩා ජංගම දුරකථන ආදිය සඳහා සහාය දකිනුයේ ද මෙම මාදිලිය වන අතරතිරය විශාල වීම නිසා වීඩියෝවේ ඇති රූප රාමුවල පික්සල් පවා සුළු සුළු වශයෙන් ඉස්මතු වී පෙනීම විශාල අඩුපාඩුවකි. නමුත් අන්තර්ජාලය හරහා හුවමාරු කිරීම පහසුවන අතර, ගබඩා කිරීමට ඉතාම තවම ධාරිතාවක් වැය වීම මෙහි ඇති ලක්ෂණයක් ලෙස හඳුනාගත හැක.


VOB ÷

සාමාන්‍යයෙන් බහුලව භාවිතා කරන DVD යන්ත්‍ර හරහා, DVD පටයක් මගින් වීඩියෝ නැරඹීමේ දී mp4 ආකෘතියට සහාය නොදක්වයි. එබැවින් DVD player ඉලක්ක කොට DVD පටයකට වීඩියෝ දර්ශන ඇතුලත් කිරීමේදී මෙම ආකෘතිය යොදා ගනියි. VOB යනු mp4 ආකෘතියේම උප කුලකයක් ලෙස හඳුන්වයි. DVD පටයක් තුළට ගොනු කොට ඇති මෙම ආකෘතිය DVD යන්ත්‍රයක් හරහා හඳුනා ගැනීමට වඩා, DVD පටය පරිගණකයකට ඇතුලත් කොට, විශේෂිත ක්‍රමවේදයක් හරහා විවෘත කොට, VIDEO_TS ලෙස වූ ගොනුවක් (Folder) තුල මෙය .vob ලෙස හඳුනාගත හැකිය. එසේම අනෙක් වීඩියෝ ගොනු ආකෘති වලට වඩා මෙහි දී ඇති වාසියක් වනුයේ DVD පටයයේ හිමිකරුගේ ප්‍රකාශන අයිතිය ආරක්ෂා කරගත හැකි යම් යම් ක්‍රමවේද පැවතීමයි. එනම් DVD පටයක ඇති .vob ආකාරයේ වීඩියෝ වෙනත් තැනකට පිටපත් කිරීමේදී ඒවා විවෘත නොවීමේ දෝෂ ඇතිවේ. අප බොහෝවිට ප්‍රායෝගිකව අත් දකින දෙයක් වනුයේ වැඩි මුදලක් ගෙවා, අප ලබා ගනු ලබන චිත්‍රපට වීඩියෝවක් යළි පිටපත් කිරීමට නොහැකි වන ලෙස මුල් හිමිකරු සකස්කර තිබීම යිනැතහොත් ඒවා යලි විවෘත නොවීමයි. එය මෙකී කාරණාව නිසා සිදුවන්නකි.


වාර්තාමය ඩිජිටල් ලේඛන ආශ්‍රිතව ගොනු වර්ග (Document File Type)

PDF ÷ (Portable Document File)

සාමාන්‍යයෙන් අප එදිනෙදා අවශ්‍යතා සඳහා බහුලව භාවිත කරනු ලබන ගොනු ආකෘතියකි"අතේ ගෙන යා හැකි වාර්තා ගොනු" ලෙස මෙහි අර්ථය දැක්වේ. එනම් සාමාන්‍යයෙන් අප යමක් අතෙහි තබාගෙන යනුයේ එය අතින් ගිලිහී නොයන ලෙස සුරක්ෂිත නම් පමණි. නිදසුනක් ලෙස ගත් විට දියරයක් අතේ තබාගෙන යාම  නිෂ්ඵල ක්‍රියාවකි. නමුත් දියරය යම්කිසි බඳුනක දමා අතෙහි තබාගෙන රැගෙන යාමට කිසිදු ගැටලුවක් නැත. pdf ආකෘතිය ද එලෙස ය. මුද්‍රිත කිසිදු දත්තයක් නැති වීම හෝ විකෘති වීම ආදිය කිසිසේත් සිදු නොවේ. ඕනෑම ඩිජිටල් ලේඛනයක මෘදු පිටපතක් pdf ආකෘතියට පත් කළ හැකි ය. නමුත් ගොනුව විවෘත කිරීමට විශේෂිත මෘදුකාංගයක් අවශ්‍ය වේadobe acrobat, chrome pdf reader ආදී බහුලව භාවිතා කරන මෘදුකාංග වේ. සාමාන්‍යයෙන් අප අතින් ලියන ලද යමක් ඡායාරූපයට නගා, අතරමැදි මෘදුකාංගයක් හරහා එය pdf ගොනුවක් බවට පත් කිරීම ද සිදු කළ හැකවිශේෂයෙන් ස්කෑන් යන්ත්‍ර ආදිය තුළින් ලබාගන්නා ගොනු pdf ආකාරයෙන් සුරකිනු ලබයි. මෙහි දී භාවිතයේ පහසුව සඳහා ගොනු පිළිවෙලකට එකට බැඳ තැබීම ඩිජිටල් ආකාරයෙන් සිදු වන අතරගොනු හුවමාරු කිරීමේ පහසු හා හුවමාරුවෙන් පසු මුල් දත්ත වෙනස් නොවීම මෙහි ඇති වාසි දායක  තත්වයකි. මුද්‍රණ කර්මාන්තයේ දී බහුලව යොදා ගැනීම දැකගත හැකිය. මේ ආකාරයේ ගොනුවක් යළි සංස්කරණය කිරීමට නොහැකි වීම හා කියවීමට පමණක් හැකිවීම එක්තරා ආකාරයක ගැටළුවක් වන අතර, මේ නිසා විශ්වසනීයත්වය තරමක් වැඩි වීම ද එක්තරා අතකින් වාසිදායක තත්වයකි. නමුත් ඇතැම් අවස්ථාවල දී pdf ගොනු සංස්කරණය කිරීමට හැකියාව පවතියි. පිටු වෙනස් කිරීම් ඉවත් කිරීම්, එකතු කිරීම් ආදිය විවිධ මෘදුකාංග හරහා සිදුකරගත හැකිය. ඇතැම්විට pdf ගොනු විශේෂිත ක්‍රම හරහා word වැනි ගොනු බවට පරිවර්තනය කිරීමට ද අඩු වැඩි වශයෙන් නූතන තාක්ෂණික ක්‍රම හරහා පහසුකම් පවති යි. නමුත් සාර්ථක හා ප්‍රායෝගික බව පිළිබඳ යම් යම් ගැටලු පවති යී. ගොනු නාමය .pdf ලෙස පහසුවෙන් හදුනාගත හැකිය.


DOCX ÷

මෙය මයික්‍රෝසොෆ්ට් ආයතනය සිය ඔෆිස් පැකේජය යටතේ එන වදන් සැකසුම් (Word) මෘදුකාංග සඳහා නිර්මාණය කරන ලද ගොනු ආකෘතියකි. මෙය කියවීම හැරුණු විට අවශ්‍ය නම් සංස්කරණය කිරීමට ද හැකියාව ඇත. Word හරහා නිර්මාණය කරගනු ලබන ගොනු සුරකිනු ලබන්නේ මේ docx ගොනු ආකෘතිය ලෙසයි. නමුත් word ගොනුව නිර්මාණය කර ඇති font එක නොමැති නම් ගොනුව විවෘත කිරීමේ දී ගැටලු පවති යි. ගොනුව විවෘත කිරීම සඳහා word මෘදුකාංගය හැරුණ විට open office, libreoffice වැනි යෙදුම් හා google docs වැනි ක්‍රමවේද ද උපයෝගී කරගත හැකි යඉතා අලංකාර ලෙස ගොනු නිර්මාණය හා පින්තූර, හැඩතල, ප්‍රස්ථාර වැනි දත්ත මේ තුල අන්තර්ගත කල හැකි වීම ප්‍රධාන වාසියකි.


TXT ÷

මෙය සාමාන්‍යයෙන් අක්ෂර, අනුලකුණු හා ඉලක්කම් ආදිය පමණක් ඇතුළත් ක හැකි ගොනු ආකෘතියක් වන අතර, බහු මාධ්‍ය ප්‍රවර්ග හා හැඩතල ආදිය අලංකාර ලෙස භාවිතා කිරීම සිදු කළ නොහැක. ක්‍රමලේඛන කටයුතු (computer programming), web designing ආදියේ දී යොදා ගනු ලැබේ. එදිනෙදා ඩිජිටල් මාධ්‍ය තුළ කෙටි සටහනක් දමා ගැනීම සඳහා ද යොදා ගනු ලැබේ. Windows Note Pad, Apple Text Edit ආදීය හරහා නිර්මාණය කරනු ලබන ගොනු සුරකිනුයේ මෙම ආකෘතියෙන් ය. අකුරුඉලක්කම් අනුලකුණු ආදිය පොදුවේ මෘදුකාංගය හරහා ලබාදෙන ෆොන්ට් එක යටතේ හා ෆොන්ට් ප්‍රමාණය යටතේ ටයිප් වීම මෙහි ඇති විශේෂිතතාවකි.


ශ්‍රව්‍ය මාධ්‍ය ආශ්‍රිත ගොනු ආකෘති. (Audio File Formats)

mp3 ÷

මෙය ශ්‍රව්‍ය ගොනු සුරැකීම සඳහා නූතනයේ වැඩි වශයෙන්ම භාවිත කරනු ලබන ගොනු ආකෘතියකි. .waw වැනි විශාල ප්‍රමාණයේ ශ්‍රව්‍ය ගොනු මාදිලි වලට වඩා දත්ත සම්පිණ්ඩනයක් මෙහිදී සිදු වේ. නමුත් හඬ සංඥා වලට වැඩි වශයෙන් අහිතකර බලපෑමක් මේ යටතේ සිදු නොවේ. විශේෂයෙන් ගොනුවක හඬ පැහැදිලිතාව කෙරෙහි එම ගොනුවේ ඇති bit ප්‍රමාණය බෙහෙවින් බලපානු ලබයිඑසේම ශ්‍රව්‍ය ගොනුවේ ධාවන කාලය හා ඇතුළත්ව ඇති සංඥා වල ගුණාත්මකභාවය යනාදිය ගොනුවේ බර ප්‍රමාණය තීරණය කිරීමට ඉවහල් වේ. කෙසේ වුවත් අනෙකුත් හඩ ආකෘති හා සසඳන විට අවම බර ප්‍රමාණයක් ඇතිවීම වාසිදායක තත්වයක් වීම නිසා අන්තර්ජාලය හරහා හුවමාරු කිරීම පහසු වේ. නූතනයේ අප අන්තර්ජාලය හා ගීත බාගත කිරීම හා ශ්‍රවණය කිරීමට පෙළඹී ඇත. එය වඩා පහසු වනුයේ මෙකී ආකෘතිය නිසා ය.


WAW ÷

මෙය IBM ආයතනය හා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සංවර්ධනය කරන ලද ගොනු ආකෘතියකි. හඬ දත්ත සම්පිණ්ඩනය (Compress) නොවීම නිසා දත්ත අඩුවීමක් (data losing) සිදු නොවේ. එසේම මේ යටතේ සියුම් සියුම් ශබ්ද පවා සුපැහැදිලිව පටිගත කිරීමේ හැකියාව ඇත. දත්ත සම්පිණ්ඩනයක් නොවන නිසා mp3 ආකෘතියට වඩා මෙහි බර ප්‍රමාණය වැඩිවීම නිසා අන්තර්ජාල භාවිතයට හා ගොනු හුවමාරු කටයුතු වල දී බාධා ඇති වේ. හඬ සංස්කරණ කටයුතු ආදියේ දී යොදා ගනු ලබන අතරස්මර්ට් ජංගම දුරකථන ආදියේ දී ශ්‍රව්‍ය පටිගත කිරීම් (Audio record) කිරීමේ දී මෙම මාදිලිය තෝරා ගැනීමේ හැකියාව ඇත.


ඉහත සඳහන් කරන ලද කරුණු තුළින් ගොනු ආකෘති කුමක් ද යන්න මනා වූ අවබෝධයක් ලබාගත හැකිය.








22 comments:

Thothennaekama said...

👍🏿

Dinusha said...

සුපිරියට පැහැදිලි වුනා 👍

Dinusha said...

👍👍👍👍

Anonymous said...

එල කිරි 👍👍👍

Anonymous said...

👍

Anonymous said...

Yes

Anonymous said...

YesYes

Unknown said...

Aththatama vatinava

danushka said...

godaak vatinava

danushka said...

good job ❤💙💙💙

Unknown said...

නියමයි මචන් සුපිරියක් තමා👍👍👍
සුබ පතනවා🤟

Unknown said...

නියමයි අයියේ මේ වගේ දේවල් ගැන දන්නෙ නැති අයට සුපිරී ලොකු දැනුමක් හම්බුනා ඉදිරියට කරගෙන යන්න💖

Dope samiya said...

❤️❤️❤️❤️

Unknown said...

සුපිරි වැඩක්

Saranga said...

අයියේ සෑහෙන්න වටිනවා. නියමයි. දිගටම මේවගේ අපිට කියලා දෙන්න...

Vindi fernando said...

❤️

අනන්තරා said...

Great

Anonymous said...

සංචාරකයා said...

වැදගත්

Anonymous said...

සුපිරි

Anonymous said...

උවමනාවකට හොයද්දි සෙට් උනේ හුගක් වවැදගත් උණා.

LIGHT'S OUT said...

❤️❤️❤️