Thursday, August 18, 2022

කැමරාවේ සංවේදකය ගැන.......

 කැමරාවේ සංවේදකය (Camera sensor)




"සාමාන්‍යයෙන් අප වාහනයක් ගත් විට එහි මුලිකම පිරිවිතරයක් වශයෙන් කතා කරනු ලබන්නේ වාහනයේ එන්ජිමයි. එසේම වාහනයේ ගුණාත්මක බව තීරණය කරනු ලබන මූලිකම කරුණක් වනුයේ එන්ජීමේ ධාරිතාවයයි. කැමරාවක් ගත් විට ද එහි මුලිකම පිරිවිතරය නැතහොත් හදවත වශයෙන් සලකනු ලබන්නේ සංවේදක යයි. කැමරාවේ ගුණාත්මක බව තීරණය කිරීම සඳහා එහි සංවේදකයේ ඇති මෙගාපික්සල් ප්‍රමාණය සලකා බලනු ලැබේ." 


                                                       කාචය හරහා කැමරාව තුළට ලැබෙන ආලෝකමය ප්‍රතිබිම්බය ග්‍රහණය කර ගැනීම සඳහා උපකාරී වන්නේ කැමරාවේ ඇති සංවේදකය යි.  මුල්කාලීන කැමරාවල ආලෝක සංවේදී මතුපිට ලෙස භාවිත වූයේ පටල පටිය (Film Roll) යි. එහි දී රසායනික ක්‍රියාවලියක් ඔස්සේ ප්‍රතිබිම්බයක් සංවේදකය මත සටහන් වෙයි. එනම් පටල පටිය ආලෝකයට නිරාවරණය වීමත් සමඟ ඒ මත ඇති ආලෝක සංවේදී ද්‍රව්‍ය මත සිදුවන රසායනිකමය වෙනස්කමක් හේතුවෙන් ඡායාරූපයක් සටහන් වේ. නමුත් නූතනය වන විට කැමරාව කෙරෙහි ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමත් සමඟ පටල පටය වෙනුවට ආලෝක සංවේදී මතුපිටක් ලෙස ඩිජිටල් ආකාරයේ සංවේදකයක් භාවිතා කරනු ලබයි

පටල පට (Film Roll)
       

ඩිජිටල් කැමරා සංවේදකය.
                මෙහි කාර්යභාරය වන්නේ කැමරාව තුළට ලැබෙන ආලෝක ප්‍රතිබිම්බය ග්‍රහණය කර ගැනීමයි. එනම් කාචය හරහා ලැබෙන ආලෝකය, සංවේදකය මතට පතිත වූ විට එය ප්‍රතිසම (ANALOG SIGNAL) ආකාරයේ ඉලෙක්ට්‍රෝන සංඥ්ඥා වශයෙන් නිකුත් කිරීම සංවේදකයේ මූලිකම කාර්ය වේ. එසේ ග්‍රහණය කරගනු ලබන පිලිබිඹුව ස්ථාවර වන්නේ ඩිජිටල් ආකාරයේ ගොනුවක් වශයෙන් කැමරාවට යොදා ඇති මතක පත තුළ ය. කැමරාවේ සංවේදකය ගත් විට එය ආලෝකයට සංවේදී වනවා විනා වර්ණ සඳහා සංවේදී වීමක් සිදු නොවේ. එසේ එකී සංවේදකය වර්ණ සඳහා සංවේදී කරනු ලබන්නේ සංවේදකයට ඉදිරියෙන් ඇති වර්ණ පෙරහණ නැමැති කොටස තුළින් ය. මෙකී වර්ණ පෙරහන තුළ අඩංගු මිලියන ගනනක් පමණ වූ photo diode වලට ආලෝකය පතිත වීමත් සමග එය ආලෝකයේ ඇති වර්ණ තීවෘරතාවට අනුව ආරෝපණය වී, එකී වර්ණ ප්‍රමාණයට අනුව ආලෝක සංඥා කැමරා සංවේදකය මතට යොමු කරනු ලබයි. එවිට කැමරාවේ සංවේදකය එය ග්‍රහණය කර ගනු ලබයි. එසේ ග්‍රහණය කරගත් ආලෝක සංඥාව ප්‍රෝටෝන සංඥාවක් වශයෙන් පිළිබිඹු සකසනය” ( image processor) නම් කොටස වෙත ලබාදීම හරහා ඡායාරූපයක් ස්ථාවර වීමේ ක්‍රියාවලිය සිදුවේ. එහිදී පැහැදිලි වන්නේ කැමරාවේ සංවේදකය මත ඡායාරූපයක් ස්ථාවර නොවන බවත්, ඡායාරූපය ග්‍රහණය කර ගැනීම සඳහා සංවේදකය ඉවහල් වන බවත් ය.  


ඩිජිටල් සංවේදකය වර්ණ වලට සංවේදී කරනු ලබන වර්ණ පෙරහණ් ස්ථරය.

                                            නූතනයේ භාවිතවන ඩිජිටල් ආකාරයේ කැමරා සංවේදක ගත්විට එහි කුඩාම තැනුම් ඒකකය වන්නේ පික්සල්ය. පික්සල් මිලියන ගනනාවක් කැමරා සංවේදකය සතුව ඇත. මෙගා පික්සල් 12 කැමරා සංවේදකයක් ගත්විට එහි අතිශය කුඩා පියවි ඇසට නොපෙනෙන පික්සල් මිලියන දෙලහක් පමණ ඇත.එසේම ඩිජිටල් සංවේදකයේ ආගමනයත් සමග විශාල වාසි ප්‍රමාණයක් ඡායාරූපකරණ ක්ෂේත්‍රයට ඇති විය. සංවේදකයේ ආලෝක සංවේදීතවය හෙවත් ISO අගය සිරූමාරු කිරීමට හැකි වීම, ලබාගත් ඡායාරූප මැකීමට හා පරිඝණකය සමඟ භාවිත කිරීමට අවකාශ පුලුල් වීම, ගුණාත්මක බවින් අතිශය ඉහළ ඡායාරූප ලබා ගැනීමට හැකි වීම, කැමරාවක් මිලට ගැනීමේ දී වැයවන මූලික පිරිවැය වැඩි වුවත් පටල පට සදහා පසුව වැයවන මුදල් හා කාලය, ශ්‍රමය වැනි සම්පත් ඉතිරි වීම මෙහිලා වූ නව යහපත් ප්‍රවණතා වේ.

                                 තවද වෙළෙඳ පොළෙහි ඇති කැමරාවල සංවේදක විවිධ වර්ග කිරීම් යටතේ හඳුනාගත හැක. මෙය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ වර්ග කරනු හඳුනාගත හැක.

       1.      යොදවාගෙන ඇති තාක්ෂණය අනුව වර්ග කිරීම.


  • CCD (charge couple device)
  • CMOS

             2.       සංවේදකයේ ප්‍රමාණය අනුව වර්ග කිරීම.

vv

   1.  Full format sensor 

 (සාමාන්‍යයෙන් භාවිත වන 35mm ප්‍රමාණයේ කැමරා සංවේදක.)

  2. Medium format sensor

 ( 35mm ප්‍රමාණයට වඩා විශාල වෘතීය මට්ටමේ කාර්යන් සඳහා භාවිත වන කැමරාවල අඩංගු සංවේදක.)

  3. Crop sensor 

( 35mm ප්‍රමාණයට වඩා අඩු එදිනෙදා භාවිත වන කැමරාවල අඩංගු සංවේදක.)