Thursday, July 13, 2023

Photoshop මෘදුකාංගයේ ඉතිහාසය හා විකාශනය....

 Photoshop මෘදුකාංගයේ ඉතිහාසය හා විකාශනය.


Adobe photoshop යනු වර්තමානයේ බහුලව හා ජනප්‍රිය වශයෙන් ඩිජිටල් ඡායාරූප සංස්කරණයට හා ග්‍රැෆික් නිර්මාණය සඳහා යොදාගනු ලබන පරිගණක මෘදුකාංගයකි. නුතනයේ මෙය Adobe සමාගයේ Adobe package මූලිකාංගයක් ලෙස පැමිණිය ද, 1987 දී පමණ ඇමරිකානු ජාතික සහෝදරයින් දෙදෙනෙකු වන තෝමස් නෝල් (Thomas Knoll) හා ජෝන් නෝල් (John Knoll) විසින් හඳුන්වා දී ඇත. මෙම ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක අවශයතාවය මතු වූයේ 1975 පමණ ස්ටීවන් සැසන් (Steven Sasson) විසින් හඳුන්වා දුන් ඩිජිටල් කැමරාව පසු කාලීනව සංවර්ධනය වී DSLR, Mirror less වැනි දියුණු තාක්ෂණයයන් යුත් කැමරා භාවිතයට පැමිණීම හා digital image file formats (ඩිජිටල් ජායාරූප යගොනු ආකෘති) භාවිතයට පැමිණීමත් සමඟය. 
තෝමස් නෝල්.
ජෝන් නෝල්.


                      මෙලෙස මුල්කාලීනව (1987) ඔවුන් දෙදෙනා විසින් සංවර්ධනය කරන ලද මෙම මෘදුකාංගය 1988 පමණ Adobe System incorporation ආයතනය වෙත මෘදුකාංග බලපත්‍රය අලවි කොට ඇත. ඉන් පසුව 1990 දී පමණ මෙය photoshop 1.0 ලෙස Adobe නිෂ්පාදනයක්  වශයෙන්  මහජනතාව වෙත නිකුත් කර ඇත්තේ පළමු විධිමත් ඩිජිටල් ඡායාරූප සංස්කරණ මෘදුකාංගය වශයෙන් ය. මෙකී අවදියේ පරිගණකය මත photoshop ස්ථාපනය කිරීම සඳහා විශාල මතක ධාරිතාවක් වැය වුවද ඡායාරූප සංස්කරණය සඳහා වූ ප්‍රධානම විකල්පය මෙය නිසා ජනප්‍රිය විය.

        පසු 1991 දී Adobe Inc. හි මෘදුකාංග සංවර්ධකයකු වු මාර්ක් හැම්බර් (Mark Hamburg) විසින් photoshop 2.0 සංවර්ධනය කරන ලදී. යමහි දී පැවතියාට වඩා නවීකරණ
කීපයක් එකතු වී ඇති අතර, නූතනයේ පවා ඒවා තවත් යාවත්කාලීන කොට භාවිත කරනු ලබයි. පසුව 1993 දී පමණ photoshop 2.5 ලෙස windows මෙහෙයුම් පද්ධතිය සඳහා වඩාත් සුදුසු අන්දමින් යාවත්කාලීනයක් නිකුත් කරන ලදී.

              පසුව 1994 දී මුල් කාලීන සංවර්ධකයකු වු තෝමස් නෝල්(Thomas knoll) විසින් ඡායාරූප වල පසුබිම වෙනස් හා අරමුණු වෙන වෙනම සංස්කරණය කිරීම වැනි නූතනයේ පවා ප්‍රචලිත නවීකරණ එකතු කරන ලදී. එය photoshop 3.0 යලස යාවත්කාලීන විය. පසුව 1995 මාර්තු 31 දින photoshop හි අයිතිය Adobe ආයතනය විසින් නෝල් සහෝදරයින්ගෙන් ඇයමරිකානු ඩොලර් මිලියන 34.5 කට මිලදී ගන්නා ලදී. එබැවින් එතෙක් පැවති සෑම මෘදුකාංග පිටපතක්ම අලවිකර ලබන ලාභයෙන් කොටසක් මුල්කාලීන මෘදුකාංග සංවර්ධනයකින් වු නෝල් සොයුරන්ට ලබාදීම සඳහා වූ කොන්දේසිය අවලංගු වී තනි වාණිජ ලාභ ලැබීමට Adobe ආයතනයට හැකි විය.

                  1996 දී photoshop 4.0 යාවත්කාලීනය නිකුත් වූ අතර, එය Layers (ස්ථර) වශයෙන් ඡායාරූප සංස්කරණය කරන ක්‍රම හා ඇතැම් මෙවලම් (Tools) සඳහා ස්වයංක්‍රීය (Automatic) පහසුකම් ද එකතු වී ඇත. මෙම භාවිතයන් නූතනයේ ද වැඩිදියුණු කර භාවිත කරනු ලැබේ. පසුව 1998 දී photoshop 5.0 අනුවාදය නිකුත් වූ අතර, එහිදී පෙළ සංස්කරණ (Text Edit) පහසුකම් යාවත්කාලීන වූ අතර, Multiple Undo, Colour Management, Magnetic Lasso ආදී මෙවලම් හා පහසුකම් එකතුවී මුදුකාංගයේ පරිශීලක හිතවත් බව (User-Friendly) වැඩි දියුණු විය. පසු 1999 දී photoshop 5.5 ලෙස තවත් යාවත්කාලීන වූ අතර ග්‍රැෆික් ප්‍රයෝග වැඩි දියුණු විය.

              2000 වසරේ දී නැවත photoshop 6.0 ලෙස නව අනුවාදයක් නිකුත් වූ අතර, එහිදී හැඩතල (Shapes) භාවිතය කැපී පෙනෙන ලෙස යාවත්කාලීන වූ අතර, ග්‍රැෆික් නිර්මාණය සදහා පහසුකම් තවත් වැඩි දියුණු විය. තවත් නවීකරණයන් කිහිපයක් වන Liquify Filter හා Bitmap (BMP) ගොනු ආකෘතිය හා අන්තර් ක්‍රියාකාරී වීමේ පහසුකම් ආදිය එකතු විය. 2001 වසයර් දී නිකුත් වූ අනුවාදය නම් වූයේ Photoshop Elements ලෙසය. මෙහිදී  මෘදුකාංගයේ පැවැති සංකීර්ණ අතුරුමුහුණත (Interface) වෙනුවට සරල බවක් එකතු වී, ආධුනික සංස්කරණය ශිල්පීන්ට වඩාත් පහසු වන පරිදි පරිශීලක හිතවත් බව (Users-Friendly) තවත් වැඩි දියුණු විය.

             2002 දී photoshop 7.0 යලස යාවත්කාලීන වූ අතර, එහිදී Healing Brush වැනි ඉතා වැදගත් Tools ද එකතු විය. එසේම Apple Mac මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිත මෘදුකාංගයේ පැවති ගැටළු ද නිරාකරණය විය. එසේම පෙළ සංස්කරණය (Text Edit) ආශ්‍රිත ගුණාත්මකභාවය ද ඉහළ මට්ටමකට පැමිණ ඇත.

                       ඉන්පසු 2003 photoshop CS ලෙස Adobe හි Creative Suite නම් වූ මෘදුකාංග කට්ටලයට (Adobe package) එකතු කරන ලද අතර, එය මෙහි අටවන අනුවාදය විය. එසේම මෙම සංස්කරණය මගින් 2GB වලට වඩා වැඩි ගොනු සංස්කරණයට හා හැසිරවීමට හැකි වූ නිසා RAW, TIFF වැනි උසස් ගොනු මාදිලයේ චායාරූප පැවතියාට වඩා ගුණාත්මක ලෙස සංස්කරණය කිරීම පහසු විය. එයසේම Resolution (DPI) ආශ්‍රිත ගුණාත්මක බව ද ඉහළ විය. 

                     පසුව 2005 photoshop CS2 අනුවාදය නිකුත් විය. Multilayer පහසුකම හා Vanishing point වැනි නූතනයේ පවා උසස් සංස්කරණ සදහා භාවිතවන වැදගත් මෙවලම් එකතු විය. 2007 දී photoshop CS3 නිකුත් කරන ලදී. මෙහි දී එතරම් කැපීපෙනෙන වෙනස්කම් එකතු නොවූ අතර Mac හා Windows මෙහෙයුම් පද්ධති ද්විත්වය අතරම පැවති ධාවනය කිරීම ආශ්‍රිත ගැටලු නිරාකරණය වීම හා Camera Raw filter යාවත්කාලීන විය.

            2008 දී photoshop CS4 අනුවාදය නිකුත් වූ අතර, ඡායාරූපය වඩා වැඩිපුර zoom කිරීම, එකවර වයාපෘති (Project) කිහිපයක් සිදු කිරීම හා Tab වශයයන් වැඩ කිරීම වැනි නවීකරණයන් මේ ඔස්සේ එකතු විය. 2010 දී පමණ photoshop CS5 නිකුත් වූ අතර, පරිශීලයකන්යේ අවශයතාව අනුව නව විශේශාංග තිහක් පමණ එකතු වූ බව පැවසෙන අතර, නූතනයේ ද ඉතා වැදගත් Puppet warp, Refine edge, Content awear fill වැනි විකල්ප ඒ අතර ප්‍රධාන විය. 2012 නිකුත් වු CS6 අනුවාදය හරහා ද නවීකරණ කිහිපයක් එකතු වූ අතර, පසුබිම ස්වංක්‍රීයව සුරැකුම් (Background Auto Save) වැනි පහසුකම් පැමිණ ඇත. නමුත් Windows XP වලින් ඉහළ අනුවාද සඳහා පමණක් සහාය දැක්වීම මෙහි දී සිදු විය.

        2013 වන විට photoshop ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය. එනම් Adobe Creative Cloud Package යටතේ මාසික හෝ වාර්ෂික ආදී ගෙවීම් ක්‍රම යටතේ පරිශීලකයින් වෙත නිකුත්කර ඇත. එම අනුවාදය photoshop CC 2013 ලෙස නම් විය. එනම් මෙතෙක් පැවති Photoshop CS වෙනුවට Photoshop CC අනුවාදය පැමිණියේ මේ සංස්කරණය හරහා ය. 2014 දී photoshop CC 2014 අනුවාදයේ දී  blur option  වැනි සුළු මෙවලම් එකතු විය. 2015 වසරේ දී photoshop CC 2015 අනුවාදයක් පැමිණි අතර, Adobe Stock Cloud පසසුකම් වැනි නවීකරණයන් ද ඊට එකතු විය. ටැබ්ලට් පරිගණක ආදිය ජනප්‍රිය වීම හේතුවෙන් Touch Screen Support, Gestures Features වැනි පහසුකම් ද මේ හරහා එක් විය.

                    ඉන්පසු 2016 වර්ෂයේ දී photoshop CC 2017 යලස සුළු අනුවාදයක් නිකුත් වූ අතර එහිදී Template Selector, Search Function වැනි දෑ එකතු විය. 2017 දී photoshop CC 2018 ලෙස නව අනුවාදයක් නිකුත් වූ අතර, එහිදී තවත් නවීකරණ එකතුවිය. Illustrator වැනි මෘදුකාංග වල භාවිත වූ Curvature Pen වැනි මෙවලම් ද එකතු විය. පසුව photoshop CC 2019 අනුවාදය යටතේ වඩාත් දියුණු පහසුකම් එකතු වූ අතර, එසේ එක් වූ වැදගත්ම මෙවලමක් වූයේ Transform Tool ය.

              පසුව නිකුත් වූ නවතම අනුවාදය වන්යන් photoshop CC 2020 මෙහිදී පරිශීලක හිතවත් බව වැඩි දියුණු කරමින්, නව යතුරු පුවරු කෙටිමං (Keyboard Shortcuts) වඩා දියුණු විය. එයසේම Lens Blur Filter වැනි නව සංස්කරණ ප්‍රයෝග වැඩිදියුණු විය. PSD වැනි ගොනු ආකෘති මෙහෙයුම් පද්ධති අතර පවා හුවමාරු කරමින් වැඩ කිරීයේ පහසු වැඩිදියුණු වී ඇත. පසුව දියත් වූ photoshop CC 2021 අනුවාදයේ දී වඩා දියුණු සංස්කරණ ප්‍රයයෝග වන Neural filters, Sky Replacement, Live Shapes වැනි වඩා පහසු හා දියුණු ක්‍රමවේද එකතු වී වඩාත් පරිශීලක හිතවත් වී ඇත.

                    නූතනයේ අපට දක්නට ඇති නවතම අනුවාදය වන්නේ Photoshop 2023 ය. මෙය මෘදුකාංගය කාලීන තාක්ෂණයට අනුගත වෙමින් නිර්මාණකරනයේ උපරීම තෘප්තිය පරිශීලකයාට ලබාදීමට උත්සාහකරන කාල සීමාව වේ. මෙම යාවත්කාලීනය යටතේ AI තාක්ෂණය කෙරෙහි අවදානය යොමු කරමින් නවීකරණයන් එක් කිරීමට කටයුතු කරන බවක් හදුනාගත හැකිය. ඒ යටතේ Generative Fill නම් පහසුකම ලබා දී ඇත්තේ හස්තීය ලෙස (Manual) ලෙස අප ඉතා අපහසුවෙන් සිදු කරන ලද සංස්කරණයන් ස්වයංක්‍රීයව (Automatic) ලෙස අප ලබාදෙන විදානයට අනුව සිදුකරන පහසුව සැලසී ඇත. මීට අමතරව Healing Brush හා Remove tool යාවත්කාලීන වී ඇත්තේ අරමුණු ස්වයංක්‍රීයව හදුනාගෙන මකා දැමිය හැකි ලෙසයි. 

         මෙසේ දියුණු වී ඇති photoshop මෘදුකාංගයේ අනාගතය තවත් නවීන තාක්ෂණයන් හා බද්ධ වෙමින් වැඩි පරිශීලක හිතවත් බවක් ඇතිවන බවට අනුමාන කල හැකි වේ.

4 comments:

Anonymous said...

🔥

Anonymous said...

සුපිරියක්

Pasindu Perera said...

🔱⚡

Dinusha said...

Important👍